Chapter 3

371 62 8
                                    


🌺 : ට්...ටේ...ටේහ්‍යුන්ග් ශී ... මගේ ළ...ළඟට එන්න එපා. යනවා අහකට. අනේ චේබල් . මියානේ .ම..මං ඔයාට මුකුත් කිව්වේ නෑ .

කොල්ලා ඒ කිසි දෙයක් ඇහුණේ නැති ගානට කෙල්ල ගාවට ළං වෙනවා. කෙල්ල බයෙන් බයෙන් පිටිපස්සට ගිහින් ගිහින් බිත්තිය ගාවදී හිර වෙනවා.

ටේ : ඉතින් දැන් ඔයා කොහෙටද යන්නේ හ්ම්ම් ? ඔයාට ඕනී මං ගාවට වෙලා මගේ කෙනා කියලා ඇලිලා ඉන්නනේ. ඒකනේ මගේ ඇඟේ එල්ලෙන්නේ හැම වෙලාවේම.

🌺 : අනේ එහෙම නෑ. මං එහෙම නෑ. අනේ මට යන්න දෙන්න . නැත්තම් මං ඔයාට ගහනවා.

මීෂා බිත්තිය ගාව තිබ්බ පොල්ලක් අර ගත්තා. ටේ එයාගේ අත් දෙක බිත්තියට තියලා මීෂා ගේ මූණට ළං වුණා . ජනෙල් වලින් ළාවට එන ඉර එළිය ටේ ගේ මූණට වැටිලා දිලිසෙනවා . එයාගේ මූණේ තිබ්බ දාඩිය බිංදු දෙක තුනත් එක්ක එයා හුඟක් කඩවසම් . මීෂා ටේ ගේ මූණ ළඟමයි . බය වෙලා ඇස් ලොකු කරන් ටේ දිහා බලන් ඉන්න විදිහ . බයට එයාගේ පොඩි ඇඟිලි , තොල් වෙව්ලන විදිහ . දෙන්නට දෙන්නාම ඒ වෙලාවේ දෙන්නාගේ ඇස් වල ගිලිලා. හදවත තාලෙකට ඒත් වේගෙන් ගැහෙන සද්දේ විතරයි දෙන්නටම ඇහුණේ . මීෂා ගාවට ටේ තවත් ළං වෙද්දී මීෂා එයා අර ගත්ත පොල්ලෙන් කොල්ලාට ගැහුවා. මීෂා හුඟක් බය වුණ පාර එයා ඉක්මනට එතනින් දිව්වා. ඒත් ඒ ටේ ගේ යාළුවෙක්ට ඉක්මනට එතනට යන්න කියලා.

ටේ : අආව්..අහ්හ් ... හහ්හ්හ්.... අහ්හ්..ම්ම්ම් . මී.. මීෂා යන්න එපා.....

ටේ ට ඕනී වුණේ මීෂාව පොඩ්ඩක් බය කරලා එයාට කරදර කරන එක අඩු  කර ගන්න. එයාට ළං වුණේ නරක අදහසකින් නෙවෙයි . එයාට ආදරේ කියන දේ නුහුරුයි. ටේට කරදරයක් මීෂාව දකින හැම වෙලාවේම එයාගේ හිතේ තියෙන නොසන්සුන් කම. හිත සන්සුන් කර ගන්න හොඳම විදිය කියලා ටේ දකින්නේ තරහින් ඉන්න එක. ඉතින් එයා මීෂාව දකින් හැම වේලාවේම කේන්තියකින් ඉන්නේ ඒකයි.

කොහොම හරි මිනිත්තුවක් දෙකක් යනකොට ටේ ගේ යාළුවෝ එතනට ආවා.

හොබී : ඒ ඒ අර බලපන් යකෝ. ඉක්මනට යමන්.

නම්ජූන් : ඒ ටේ .... ටේහ්‍යුන්ග් නැගිටනවා. ඒ මූ නැගිටින්නේ නෑ නේ. ඉක්මනට හොස්පිටල් යමු . ජන්ග්කුක් ඉක්මනට ජින් හ්‍යුන්ග්ට පණිවිඩේ දෙන්න.

ʟᴏᴠᴇ ʏᴏᴜ ᴍᴏʀᴇ ᴛʜᴀɴ ʏᴏᴜ ᴛʜɪɴᴋ || KTH || ...COMPLETE ...Où les histoires vivent. Découvrez maintenant