SENSATION

1.3K 160 182
                                    

17th January
Seoul Main City
Around 8.00 p.m.

අහස උසට පේන්න නැගලා තියෙන ලොකු ලොකු ලස්සන බිල්ඩින්වලින් පිරිච්ච කොන්ක්‍රීට් වනාන්තරය, එහෙමත් නැත්තන් සියෝල් නගරය කාගෙත් හිත් ඇදගන්නේ එකේ තිබ්බ පිළිවෙලයි ඒ නගරේ හිටපු මිනිස්සුන්ගේ ලස්සන හිනාවයි හින්දා..

පිටතින් බැලුවොත් නන් පේන්නේ ඒක මිහිපිට දිව්‍යලෝකයක් වගේ.. ඒත් ඒකේ ඇතුලේ කතාව ටිකක් වෙනස්. එක එක මිනිස්සුන්ට එක එක ප්‍රශ්න තිබ්බා තමන්ගේ ජීවිතවල..

ඒත් ආසියාවේ ලොකුම ව්‍යාපාර ජාලය වෙච්ච ජියොන් ව්‍යාපාරයේ අනාගත හිමිකාරයට මොන වගේ ප්‍රශ්නද තියෙන්න පුලුවන්??

අතට පයට සේවකයෝ.. අහස උසට මාලිගා.. මුලු කොරියාවම පරම්පරා 7ක් ජීවත් කරවන්න තරන් සල්ලි..  ඕනෙම කෙල්ලෙක් තමන්ගේ ඉස්සරහා දණගස්සවන්න තරන් කඩවසම් පෙනුමක්.. ඕනෙම මිනිහෙක් තමන්ගේ එක බැල්මකින්ම බය කරන්න තරන් ප'සනැලිටි එකක්.. අවුරුදු 23ක් වගේ පොඩි වයසකින් මුලු ව්‍යාපාර අධිරාජ්‍යක්ම මෙහෙයවන්න තරන් මොලයක්.. ඒ හැමදේම එයාට තිබ්බා..

ඒත් එක දෙයක් එයා ළග තිබ්බේ නෑ.. ඒක කවදාවත් ලබාගන්නත් එයාට අද වෙනකන්ම බැරි වුනා..

වොක්ස් වැගන් කාර්ස් දෙකක් වට කරගෙන මීට දවස් දෙකකට කලින් රිලීස් වෙච්ච රෝල්ස් රෝයිස් අලුත්ම කාර් මොඩ්ල් එක වෙච්ච RR 9X0 කාර් එකක් සියෝල්වල ප්‍රධාන පාර බිඳගෙන ධාවනය වුනේ ඒකේ පිටිපස්සේ ශීට් එකේ හිටපු ජියොන් ව්‍යාපාර ජාලයේ වර්තමාන හිමිකරු එහෙමත් නැත්තන් ජියොන් ජන්කුක් තමන්ගේ සීට් එකේ එහා පැත්තේ ටින්ටඩ් වින්ඩෝ එකෙන් එළියේ බලාගෙන කල්පනා ලෝකෙක ගිලිලා ඉද්දී..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මරුවා සමඟ වාසේ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now