RETALIATION

658 111 83
                                    

සියෝල්වල නගර ශාලාවට හරියටම යටින් තිබ්බේ භූගත මූලස්ථානයක්. ගොඩක් අය හිතුවට මේක කාණූ පද්ධතියක් වෙන්නැති කියලා ඒ රැවටීමම ඒගොල්ලන්ව ලොකු බිහිසුණු සත්‍යක් අනාවරණය වෙන එක වැලැක්වූවා. සවුත් ඊස්ට් ඒශියාම තමන්ගේ පාලනයට නතු කරගෙන හිටපු කිම් මාෆියාවරුන්ගේ අවුරුදු 100ක් පරණ ප්‍රධාන මූලස්ථානය වුනේ මේක. සියෝල්වලින් එහා හැන්ගිච්ච ලොකේශන් එකක මූලස්ථානය ඇතියි කියලා හැමෝම බලාපොරොත්තු වුනත් මේ මූලස්ථානය තිබ්බේ සියෝලවල හදවත මැද්දේ.

මේ මූලස්ථානයට ප්‍රධාන දොරටු 3ක් තිබ්බා. එකක් තිබ්බේ සියෝල්වලින් දකුණට වෙන්න තිබ්බ ලොකු ශොපින් මෝල් එකක underground parking lot එකක. තවත් එකක් තිබ්බේ දකුණු කොරියානු පපන්දු සම්මේලනයේ බිල්ඩින් එකේ පාකින් එකේ රහස් දොරකින්.

අන්තිම එන්ට්‍රන්ස් එක එහෙමත් නැත්තන් ටේහ්‍යුන් කිම්ට විතරක් යූස් කරන්න පුලුවන් එක තිබ්බේ ටේහ්‍යුන් වැඩිපුරම නවතින්න පුරුදු වෙලා හිටපු කිම් මාෆියා එකටම අයිති පැලස් හොටෙල් එකේ ටේහ්‍යුන්ගේ ස්පෙශල් රූම් එකේ තිබ්බ ලිෆ්ට් එක. ඒ ලිෆ්ට් එකේ එකම නැවතුම මේ මූලස්ථානය.

දැන් වෙද්දී මේ මූලස්ථානය යම් තරමකට කැළඹිලා හිටියා කිව්වොත් හරී. මොකද ටේහ්‍යුන් කිම් විසින් ඇහැ ගහගෙන ඉන්න කියපු ජියොන් ජන්කුක් කිම් මාෆියා එකේ රේඩාර් වලින් අතුරුදහන් වෙලා දැන් වෙද්දී පැය 16ක් වෙනවා. යොන්ජුන් හා චැන්‍යොල් මොන විදියේ උත්සාහයක් දැරුවත් ඒගොල්ලන්ට ජියොන් ජන්කුක්ව ෆොලෝ කරන්න බැරි වුනා. සියෝල්වල විතරක් නෙවෙයි කොරියාවේ එයාපෝට්වල පවා සිසිටීවී පද්ධතිවල ෆූටේජස්වලවත් ජන්කුක්ව හොයන්න මෙගොල්ලෝ ට්‍රයි කළාට ඒ කිසිම තැනක ජන්කුක්ගේ මැච් එකක් තිබ්බා නෑ..

මේ වෙද්දී ටේහ්‍යුන් කිම් ප්‍රධාන මූලස්ථානයට එන ගමන් කියන එකත් ලැව් ගින්නක් වගේ හැමෝම අතරේ පැතිරෙමින් තිබ්බා. ජන්කුක්ව ගාඩ් කරන්න දාලා තිබ්බ ගාඩ්ලා පස් දෙනාම මේ වෙද්දී ටේහ්‍යුන් කිම් අතින් මැරුම් කාලා කියන එක තමයි ආරන්චි වෙලා තිබ්බේ. මේ ටේහ්‍යුන් කිම්, ජන්කුක් වෙනුවෙන් මරපු 6 වෙනි මනුස්සයා. මාෆියා එක ඇතුළේ මේ නිව්ස් එක පැතිරෙන්න ඒකම ලොකු හේතුවක් වුනා.

මරුවා සමඟ වාසේ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now