ADORATION

597 105 24
                                    

එදා රෑ සිද්ධ වෙච්ච දේ මතක් වුනාට පස්සේ ජන්කුක් තමන් ගැනම තියෙන තරහව වගේම ලැජ්ජාව දරාගන්න බැරුව ටේහ්‍යුන්ගේ ග්‍රහණයෙන් ඉක්මනටම ඈත් වුනේ ටේහ්‍යුන්ව එයාගේ අපාට්මන්ට් එකෙන් එළියට යවාගන්නේ කොහොමද කියලා හිතන ගමන්. ඒත් ජන්කුක්ට තාමත් හිතාගන්න බැරි දේ තමයි මුලු සවුත් ඊස්ට් ඒශියාවලම මාෆියා පවර් එක තමන්ගේ අතේ තියාගෙන ඉන්න ටේහ්‍යුන්ග් කිම්ව ඒ විදියට ක්ලබ් එකක් ඇතුලෙදී හම්බුනා වගේම එයත් එක්ක වන් නයිට් ස්ටෑන්ඩ් එකක් එන්ජෝයි කළා කියන එක. ඔක්කොමත් හරි ජන්කුක්ගේ ෆස්ට් ටයිම් ගේ සෙක්ස් එකත් එයාගෙම වෙච්ච එක ජන්කුක්ගේ ආත්මාභිමානයට සෑහෙන පහරක් ගැහුවා.

ජියොන්වරු කියන්නේ උපතින්ම ලොකු ආඩම්බරකමක් වගේම පාරම්පරික අභිමානයක් එක්ක හැදිච්ච පවුලක්. ඒගොල්ලන්ගේ මාන්නය කියන්නේ ජියොන්වරයෙක් වැඩිපුරම රකින වස්තුව වගේ. ඒක හින්දා කොහෙත්ම ජියොන් ජන්කුක් තමන් මැරිලා ගියත් ටේහ්‍යුන් කිම් ඉදිරියේ ඔලුව නවන්න ලෑස්ති වෙලා හිටියේ නෑ.

තාමත් ජන්කුක් දිහා කට කොනෙන් හිනාවෙන ගමන් බලාගෙන හිටපු ටේහ්‍යුන්ගේ ග්‍රහණයෙන් මිදිච්ච ජන්කුක් බිමට වැටිලා තිබ්බ එයාගේ ශොට් ගන් එක ආයෙත් අතට අරගෙන ටේහ්‍යුන්ග් කිම්ට ඒම් කළා.

"තමුන්.. තමුන් කොහොමද මට එහෙම කළේ?"

ඇස් පුන්චි කරන ගමන් ජන්කුක් දිහා බලපු ටේහ්‍යුන් එයාගේ සිගරට් එක මේසේ උඩින් අරගෙන ලයිටර් එක පත්තු කළේ සිගරට් කොටේ දැල්ල ළගට ගෙනියන ගමන්මයි.

"ඔයා කැමැත්තෙන් ආවේ. මන් මතක් කළොත් ඔයාමයි කිව්වේ 'Again Da---"

"තමුන් කට පියාගන්නවා."

ජන්කුක් තරහෙන් රතු වෙන ගමන් අපාට්මන්ට් එකම දෙවනත් වෙන්න එහෙම කෑගැහුවේ එයාට තවත් ටේහ්‍යුන් කිම් ඉස්සරහා විහිලුවක් වෙන්න ඕනේ නැති හින්දයි.

"Your wish is my command my pretty."

ටේහ්‍යුන්ග් එහෙම කියලා ජන්කුක්ට ඇහැක් ගැහුවේ ජන්කුක් එයාගේ හිත ඇතුළෙන් ටේහ්‍යුන්ව පණ පිටින් පුච්චන විදිය ගැන දස දහස් වාරයක් කල්පනා කරද්දීමයි.

මරුවා සමඟ වාසේ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now