Chapter 02

849 244 11
                                    

එදා මට tattoo එකක් ගහගන්න නොලැබුනත් මට ලස්සන ඇස් දෙකක් හම්බුනා...

කාලය හරි ඉක්මනට ගෙවිලා යද්දි මන් හැම උදේකම university ගියේ ඒ ඇස් දෙක දිහා බලං ඉඳලා වගේම හවසට ගෙදර යන්න කලිනුත් මන් tattoo shop එක පැත්තෙන් ගිහින් ඒ ඇස් දිහා බලලා යන්න පුරුදු උනා...

ඒ කලු පාට ඇස් ඒ චෙරි පාට පිරුණු තොල් දකින දකින පාරට මට ඕන කලේ දුවගෙන ගිහින් ඒ පපුවට තුරුල් වෙලා ඒ තොල් වල රස බලන්න...

එකම එක දවසක්වත් මට ඒ ඇස් නොදැක ඉන්න බැරි තරමටම මන් ඒ ඇස් වලට ඇබ්බැහි උනා....

කවමදාකවත් කෙල්ලෙක් ළඟවත් ගැහුනෙ නැති මගෙ පපුව ඒ මූණ දකින දකින පාරට ඩෝං ඩෝ‍ං ගාලා ගැහෙන්න ගත්තෙ මටවත් පාලනය කරගන්න අමාරු විදියට...

මේකයි කියාඅ හරියට නමක් දීගන්න බැරි උන හැඟීමක් එක්ක අවුරුදු දෙකක් මන් එයා දිහා දුර ඉඳන් බලාගෙන හිටියා..

හරියටම අවුරුදු දෙකක් මන් ඒ ඇස් වලට විතරක්ම ඇබ්බැහි වෙලා හිටියා....

එදා මගෙ graduation එක...ඒත් එක්කම මගෙ 25 වෙනි උපන්දිනේ...

මගෙ උපාධි කබායයි බෑග් එකයි එහෙම්ම ගෙදරින් එවපු වාහනේට දාලා මන් වාහෙනෙ හරවලා ගෙදර යවලා පයින්ම ආවෙ ඒ තරු ඇස් වල මුරණ්ඩුකාරයාව ළඟටම දකින්න...

.D🥀

.𝙃.𝙄.𝙈. | 𝙔𝙕 ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈTempat cerita menjadi hidup. Temukan sekarang