-He Is Pregnant?-

1.4K 276 606
                                    

අදත් ජන්කුක් නිවසට පැමිණියේ අනිත් හැමෝම නිවසට පැමිණියාට පසුවයි.පෙරදා කොරගසමින් පැමිණි ජන්කුක් අද කොර ගසමින් නොපැමිණියත් මුහුණ වැහෙන්න කලු මුහුණු ආවරණයක් දාගෙන නිවස තුළට පැමිණියේ...

"බුදුඅම්මෝ...මෙන්න හොරේක්..."

"ඔම්මා...ඔම්මා...මේ මං...ඔයාගෙ කුකී..."

"අනේ ළමයො...?මොකද මේ ගෝනිබිල්ලෙක් වගේ මූණ වැහෙන්න මාස්ක් එකක් දාගෙන?ඇබී හිටියා නම් හොදටම බය වෙනවා."

ජන්කුක්ගෙ වෙලාවට අද එයා නිවසට ඇතුලු වෙන විටම ඉදිරියට මුණ ගැසුනෙ තමන්ගෙ මවව.ඒත් තව ඩිංගෙන් ජෙයොන් මහත්මියගෙ කටේ සද්දෙ නිසා අනිත් අයත් එතනට කඩන් පාත් වෙනවා.හොද වෙලාවට එහෙම දෙයක් වෙන්න කළින් ජන්කුක් කිව්වෙ ඒ තමන් කියලා.නමුත් ජන්කුක්ගෙ මවට නම් පුදුම එක වරම ඇයි කවදාවත් නැතුව ජන්කුක් මුහුණ ආවරණය කරගෙන කියන එක...?

"සොරි ඔම්මා බය කරන්න හිතුවෙ නෑ."

"එහෙනම් මොකක්ද්ද මේ කවදාවත් නැතුව මාස්ක් එකක් දාගෙන මූණත් වහගෙන කරන්නෙ?"

"ආ...මේ...අද පොඩ්ඩක් එළියෙ ඩස්ට් එක වැඩියි වගේ...මේ ඉතින් නහයටත් යනවා ඒකයි මේ...දන්නැද්ද ඔම්මා ඉතින්?"

"ආ...ඒක මිසක්.හරි...හරි...දැන් යන්නකො රූම් එකට."

අදත් බොරුවක් කියලා ජන්කුක් කොහොමහරි බේරුනා.ඒත් ඕක ගලවන්න වුනා නම් තමයි නියම රඟේ තේරෙන්නෙ.මොකද ජන්කුක්ගෙ කම්මුලක තනිකරම ඇගිලි පහක අච්චුවක් හිටලා...





මේ විදිහට මාසයක් විතර ගෙවුනෙ ගොඩක් දේවල් වෙනස් කරමින්.ගොඩක් දේවල් කිව්වෙ ජන්කුක් සම්බන්ධව.මොකද ගෙදර අයට හොදට තේරුනා ජන්කුක්ගෙ වෙනසක්.නෑ පොඩි වෙනසකුත් නෙමෙයි ලොකු වෙනසක්.ඉන්නෙම මේ ලෝකෙ සිහියකින් නෙමෙයි.කෑම කද්දිද?ටෙලිවිෂන් බලද්දිද?යන්නෙ කොහෙද?ඉන්නෙ කොහෙද?කාත් එක්කද?ජන්කුක්ට අදාළ වුනේම නෑ.මොකද ජන්කුක් සිටියෙ වෙනම සිහින ලෝකෙක.එයාගෙ වැඩේම අමුතු ජීවියෙක් වගේ හිනා වෙන එක.ගෙදර අනිත් මිනිස්සුන්ගෙ ඇස්කන් නොපෙනෙනවා,නොඇහෙනවා නෙමෙයි.ඒ හැමෝටම හැබැයි එක දෙයක් පැහැදිලියි...

Everything Is Fine ✔Where stories live. Discover now