"මොකක්ද්ද මේ වුනේ?මේක වැරැද්දක්ද?මං මේ ගැන ජිමින්ට නොකිය හිටියා නම්...කමක්නෑ...කොහොමත් මේවා හංගන් ඉන්න පුලුවන් දේවල් නෙමෙයිනේ?ආහ්හ්...ඒත් කුකීගෙ අප්පා මේකට අකමැති වුනොත් මොකද කරන්නෙ?එයා කුකීවත් ගෙදරින් එලවයිද?අයියෝ...ඔක්කොම මං නිසයි.මං එහෙම කෙනෙක් නොවුනා නම් මෙහෙම ප්‍රශ්න නෑනේ?අනිත් අයට මොනවා හිතෙන්නැතිද?ඇයි මෙහෙම වුනේ?"
"දරුවෝ...ඔයාට ලැබිලා තියෙන්නෙ වෙන කිසිම කෙනෙකුට නැති වාසනාවක්...ඒ ගැන පසු තැවෙන්න එපා..."
"ඔ...ඔම්මා...?"
ටේ හිටියෙ ජෙයොන් නිවසෙ ඔහුට ලබා දුන්න කාමරයේ ඇද මත පෙරළෙමින් සිදු වුන දේවල් වලට තමන්ටම දොස් පවරගෙනයි.ඒ වෙලාවේ එතනට පැමිණි ජෙයොන් මහත්මිය,ටේ අසලින් අසුන් ගත් විට ටේද හිටපු තැනින් කෙළින් වූ පසු ජෙයොන් මහත්මිය...
"මට දැන් ඉතින් ඇත්තම කියන්නකෝ...මං දන්නවා කවුරුත් හිතන්නෑනේ මෙහෙම දෙයක් වෙයි කියලා.ඒ වුනාට ඉතින් ඔයාලා දෙන්නම වැරැද්දක් කළා.අඩුමගාණේ මට ඇත්තම කියන්න තිබ්බා.ඔයා නම් මාව හරියට දන්නෑ කියලා හරි කියන්න පුලුවන්.ඒත් අර මෝඩ කොල්ලට බැරි වුනානෙ ඒක කියන්න.දෙයක් තේරුම් ගන්න පාඩමක් ඉගෙන ගන්නම ඕන."
"ස...සමාවෙන්න ඔම්මා...අනේ මං එක බොරුවක් නෙමෙයි ඔයාට තවත් බොරුවක් කිව්වා.මේ දේවල් ලොකු සර් දැන ගත්තොත්...?"
"ඒ...මං ඔම්මා නම් එයා අප්පා හරිද?ඔය ගණන් ඉස්සුවට ඒ තරම් සැර නෑ එයා.ඒත් ඉතින්..."
"මේක දැන ගත්තොත් නම් ලොකු අවුලක් නේද?"
"ඔව්.ඒක ඇත්ත ළමයෝ...මේ දේවල් වෙච්ච විදිහ තමයි හොද නැත්තෙ.ඒත් ඉතින් දැන් වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ?"
"ඔම්මා...මට සමාවෙන්න මං එදා පළවෙනි දවසෙත් බොරුවක් කිව්වෙ මං..."
"ක්ලබ් එකේ වැඩ කරපු එකද?"
"ඔ...ඔම්මා...ඔයා කොහොමද දන්නෙ?"
"මං දැනගන්න ඕන අයගෙන් ඒ දේවල් දැනගත්තා.ඔයා ඒක නොකිව්වෙ මං ඔයා දිහා වැරදියට බලයි කියලද?මං අනිත් අයට වඩා වෙනස් ළමයෝ...මිනිස්සු ගැන හොදට දැනගෙන මිසක් මං කවදාවත් එයාලව ළං කරගන්නෑ.ඔයා වැරදි රස්සාවක් කළේ නෑනේ?අනික අපේ කුකී එහෙම හිතන්නෙත් නැත්නම් ඔයා ඇයි වෙන මිනිස්සු කියන දේවල් හිතන්නෙ?මට දුක ඔයා බොරු කියපු එකටයි.ඔයා නරක කෙනෙක් නෙමෙයි ඒත් ඔයාට වගේම අපේ එක්කෙනාටත් මේක ලොකු පාඩමක් වෙයි ජීවිතේට."
ESTÁS LEYENDO
Everything Is Fine ✔
Historia Corta🍂Crazy And Lovely Jeon's Familly, Mom,Dad,4Sons And There's Lovers And Children. A beautiful family that shares happiness and sorrow together and lives happily in the midst of problems and obstacles. [Start: 2022 January 14 End: 2022 February...