-Gone-

1K 236 170
                                    

නැවත අනිත් සියලු දෙනාම නිවසට පැමිණෙන්න විට සවස් වී තිබූ නිසා ජෙයොන් මහතා හා ඔහුගෙ අනිත් පුතුන් තිදෙනාත් නිවසට පැමිණ තිබුනා.ඒ අතරින් හොබී...

"ඔයාලා අද දවසම ශොපිං කළාද මෙච්චර හවස් වුනේ?"

"අයියෝ පුතේ දන්නැද්ද ඉතින්.ඔයාලා හැමෝම අද කළින් ඇවිත් නේ?ජූහෝ...අද වැඩ එච්චර නෑ වගේ නේද?ඒකත් හොදයි ඔයා ඉන්න එක."

ජෙයොන් මහත්මිය එහෙම කියද්දි නම්ජූන් හා යුන්ගි...

"අද අප්පා තමයි අපිටත් කළින් එන්න කිව්වෙ."

"කළින් ආපු එකේ පොඩි නින්දක් දාන්න කියලා හැදුවෙ.ඒත් අප්පට විශේෂ දෙයක් කියන්න තියනවලු."

"මොනවද ජූහෝ...?"

"හැමෝම වාඩි වෙන්න."

ජෙයොන් මහතාට අවනත වෙමින් සියලු දෙනාම ඉඩ තිබුන තැන් වලින් අසුන් ගත්තත් ටේ එතනින් හැරිලා යන්න හදද්දි...

"ඔය ළමයත් ඉන්න.හැමෝටම කතා කරන්න ඕනේ මට."

ජෙයොන් මහතාට අවනත වී ටේද පැමිණ අසුන් ගත් පසු ජෙයොන් මහතා වටපිට බැලුවේ ජන්කුක් පේන්න නැති නිසයි...

"කොහෙද ජන්කුක්?මං කතා කළාට මිනිහා ෆෝන් එක ගත්තෙ නෑ."

"ආ...ජූහෝ...පුතා දැන් එන ගමන්.තව විනාඩි පහකින් විතර එයි."

"එයා එනකන් ඉමු."

හැමෝම ඇවිත් ටිකක් වෙලා ගියාට පස්සෙ ජන්කුක් පැමිණියා.ඒත් ගෙදර හැමෝම එකතු වෙලා ඉන්න විදිහට ජන්කුක්ට බය හිතුනෙ ඔක්කොම එක්ක තමන් දිහා බලන් හිටපු විදිහ නිසයි.බයටම වගේ කෙළ උගුරකුත් ගිලපු ජන්කුක්...

"ඇ...ඇයි...මං දිහා ඔහොම බලන් ඉන්නෙ?"

"පුතේ ඔයා එනකන් අපි බලන් හිටියෙ.අප්පට මොනවා හරි වැදගත් දෙයක් කියන්න තියනවලු.ඒ නිසා ඔයත් ඇවිත් වාඩි වෙන්න."

නිහඩවම ඇවිත් අසුන් ගත්ත ජන්කුක්ද,ජෙයොන් මහතාට සවන් දෙන්නටයි සූදානම් වුනේ...

"හොදයි...මෙහෙමයි.හැමදාම මට මේ හැම වගකීමක්ම ගන්න බෑ.දැන් ඔයාලා තරුණයි.වගකීමක් ගන්න පුලුවන් කාලයක් මේක.මෙච්චර දේවල් තියාගෙන ඉන්නෙ මට මැරෙනකොට ගෙනියන්න නෙමෙයිනෙ?ඉතින් මට ඉන්නෙ පුතාලම හතර දෙනෙක්.ඔයාලා හතර දෙනා ඔයාලගෙම පාරවල් තෝරගෙන තියෙන්නෙ.කවදාවත් ඔයාලා වැරදි...කොහොම කියන්නද ඉතින්.මගෙ ලොකු පුතාලා තුන් දෙනාගෙ සමහර හිතුවක්කාර වැඩ තිබ්බට කවදාවත් ඔයාලා නිසා මට වද වෙන්න හේතුවක් තිබ්බෙ නෑ.ඒත්...ඒත්...ජන්කුක්..."

Everything Is Fine ✔Where stories live. Discover now