-Change-

1.1K 241 234
                                    

"කුකී...අපිට මෙහේ ඉන්න පුලුවන්නේ?"

"ම්ම්ම්...යමු ඇතුළට."

ඒ දෙදෙනාම පැමිණියේ ටේ ජීවත් වුනු කුඩා නිවසටයි.හුග දිනකින් එහි කවුරුත් නොසිටි නිසා මදක් දුහුවිලි වලින් අපරිසිදු වී තිබුන නිසා ඔවුන් ඒ දේවල් පිරිසිදු කරගෙන ඔවුන්ට අවශ්‍ය ලෙසට සියල්ල පිළිවෙල කරගත්තා...

ජන්කුක්ට මේ ලෙසට දිවි ගෙවීම එතරම් පහසු දෙයක් වුන්නෑ.නමුත් ටේ ඒ ගැන හොදින් දන්න නිසා ඔහු හැමදේටම ජන්කුක් හට උදව් කළා.ටේට වෙහෙස වීමට හොද නැති නිසා ජන්කුක් හැමදේම කරන්න හැදුවත් ජන්කුක්ට තාම ඒ ජීවිතය ඒ තරම් හුරු එකක් නොවුන නිසා ටේ පුලුවන් විදිහට ජන්කුක්ට උදව් කළා.ජන්කුක් හරියට පොඩි දරුවෙක් වගේ.හැමදේම මුල ඉදන් තේරුම් කරළා නොදුන්නොත් එයාට ඒ දේවල් තේරුම් ගන්න බෑ.ඉතින් ටේටත් මුල් කාලයෙ ජන්කුක් එක්ක වැඩක් කරන්න ලේසි වුන්නෑ...

"කුකී...ඕක ඔහොම නෙමෙයි කපන්නෙ."

"කුකී...ඕක ඔහොම තියන්න මං කරන්නම්."

"කුකී...ඕවා ඔහොම නෙමෙයි හදන්නෙ."

"කුකී...ඕක ඔතන නෙමෙයි තියෙන්නෙ."

"කුකී...කුකී...ජෙයොන් ජන්කුක්..."

ටේගෙ කටට නිවනක් නෑ මුල් කාලෙදි නම් ජන්කුක්ගෙ වැඩ නිසා.ජන්කුක් කරන්නෙ එක වැඩේ දෙක කරන එක.පිළිවෙලක් ඇත්තෙමනෑ...

ඒ අතරම ජන්කුක් ඔහුගෙ පියා ඔහුට වෙන් කර දුන් රැකියාව වෙතත් යෑමට සූදානම් වුනා...

"කූ...ඔයා බයෙන්ද ඉන්නෙ?"

"ටිකක්...මට ඒක කරන්න පුලුවන් වෙයි නේද ටේ?"

"ඔව්...ඔයා කැමති ඒ දේට නම්...ඔයාගෙ උනන්දුව,කැපවීම තියනවා නම් කොහොමත් ඔයාට ඒක පුලුවන්."

ජන්කුක්ගෙ ටයි ගැටය හදන ගමන් එලෙස පැවසූ ටේ ජන්කුක්ගෙ තොල් මතින් කුඩා හාදුවක් තබා...

"Good Luck My Love...!හැමදේම හොදින් කරන්න."

"හරි...ඔයා පරිස්සමින් ඉන්න.ආදරෙයි."

ටේගෙ නළල සිප ගත්ත ජන්කුක් ලොකු හුස්මක් හෙළමින් තමන්ගෙ නොසන්සුන් සිත සන්සුන් කරගෙන නිවසින් පිටව ගියේ හැමදේටම සාර්ථක ඇරඹුමක් දෙන්න හිතාගෙනයි...

Everything Is Fine ✔Where stories live. Discover now