-New Assistant-

3K 330 570
                                    

කැලිෆෝනියා වල සැන් ඩියේගො හි.අවුරුදු 10පමණ කාලයක් තිස්සෙ කොරියානු ව්‍යාපාරිකයෙක් තම පවුලත් සමග වාසය කරනවා...






Jeon Familly?

මේ පවුල හුගක් වැදගත්,ධනවත්,ප්‍රසිද්ධ පවුලක්.මේ පවුලෙ ගෘහමූලිකයා වෙන Mr.Jeon හුගක් වැදගත්,දක්ෂ ව්‍යාපාරිකයෙක්.ඒ වගේම ලොකු ආඩම්බරකාරයෙක්.ජෙයොන් මහතාගෙ පවුලෙ පිරිස ගත්තොත් සුන්දර බිරිදක්,පුතාලාම හතර දෙනෙක් වගේම එයාලා විවාහ වුනු අයයි එක මුණුබුරෙකුයි තමයි මේ පවුලෙ ඉන්නෙ...

ජෙයොන් මහතාගෙ බිරිද ගත්තොත් නම් වයසට නොවෙයි ඇයගෙ වැඩ.නමුත් ඉතාමත් ආදරණීය,කාරුණික කෙනෙක් වුනා ඇය.මවක් විදිහට දරුවන් වෙනුවෙන් කැප වී වැඩ කරන ඉතාම විනෝදකාමී,සුන්දර චරිතයක් වුනා ඇය...

එතකොට මේ පවුලේ වැඩිමහල් පුත්‍රයා තමයි යුන්ගි.යුන්ගි ඔහුගෙ පියාගෙ ව්‍යාපාර වලට සාමාන්‍ය පරිදි හවුල් වුනත් වැඩි කැමැත්තක් දැක්වූයේ නෑ.තමන්ගෙ මව වගේ කලාව පැත්තට යුන්ගිත් මදක් නැඹුරු වුනා.ඒ නිසාම එයා සංගීත ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා.ඒත් යුන්ගි ටිකක් එයාගෙ පියා වගේම ආඩම්බරකාර චරිතයක් වුනා.හුගක් වෙලාවට නිහඩයි වගේ පෙනුනත් ඒ පිටතට විතරයි.කාටවත් නැමෙන්නැති චරිතයක්.ඒත් එක් අයෙකුට හැර.ඒ යුන්ගිගෙ ආදරණීය ස්වාමිපුරුෂයා ජිමින්ට...

ජිමින් කියන්නෙ යුන්ගිගෙ ආදරණීය,හුරුබුහුටි ස්වාමිපුරුෂයා.යුන්ගිට වඩා ලාබාල නමුත් අහිංසකව පෙනුනට යුන්ගිට නම් කොච්චි කරල වගේ.ඒ වගේම තමයි හැබැයි ජිමින්ගෙ ආදරෙත්.ටිකක් දඟකාර චරිතයක් ඒත් හරිම ආදරණීයයි.හැබැයි ඒ වගේම කපටියි.ජෙයොන් මහත්මියගෙ දකුණු අත වගේ තමයි...

ඊළඟට දෙවෙනි පුතා හෝසොක්.ආදරේට හැමෝම කියන්නෙ හොබී කියලා.එයා නම් තමන්ගෙ මවගෙම කපාපු පලුව.හරිම විනෝදකාමී චරිතයක්.මේ වෙද්දි නර්තන ඇඩමියක් පවත්වගෙන යන හොබීට ඉන්නවා තවත් ලස්සන පුංචි පවුලක්.ඒ එයාගෙ ආදරණීය බිරිද රියා හා අවුරුදු තුනේ පුංචි පුතා ඇබී.මොනවා වුනත් හොබී නම් ඉතින් එයාගෙ පුංචි පවුල එක්ක හරිම සැහැල්ලුවෙන් තමයි ජීවත් වෙන්නෙ.ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ එයාගෙ පුංචි පුතාගෙ සමහර දඟ වැඩ නිසා හොබීට වෙන්නෙම කරදර විතරයි...

Everything Is Fine ✔Tempat cerita menjadi hidup. Temukan sekarang