කුකී දිහා මං බලන් හිටියෙ ඇහැරෝනවද නැද්ද කියලා හිතන ගමන්.ඒත් ඒ එක්කම ඇහැරුන හින්දා මං ඉක්මනට ඈත් වුනා.
"..මං ඇහැරවන්න හැදුවෙ.දැන් දවලුත් වෙලා.අහන්නකො අපි යමු ගමනක්...ලෑස්තිවෙන්න.."
"කොහෙද යන්නෙ.?"
"ගිහාම බලා ගත්තෑකි.ලෑස්ති වෙන්න.."
මං එහෙම කියලා පල්ලෙහාට යන ටිකට එයා ඇඳුමකුත් දාන් දුවන් ආවා.පුරුදු විදිහටම ෂර්ට් එක ෂෝට් එකට යට කරලා.
"ඕක උඩින් දා ගන්න.මේ මං වගේ.මෙහෙදි ආයෙ ඔහොම අඳින්නෙ නෑ.හරිද..?"
"හ්ම්.."
එයා එයාගෙ ඇඳුම හදා ගත්තාම අපි දෙන්නම ගියෙ ඔම්මාට යනවා කියාගෙන.
_______________________________🌿
"ඇ ඇයි හියුන් අපි මෙතනට ආවෙ?"
"ඔයාට ඇඳුම් ගන්න..මෙහෙ එන්න.."
මං එයාවත් ඇදන් ෂොප් එක ඇතුළට ගිහාම එයා ඇස් කරකවලා වටපිට බලලා මටම කවර් වෙලා මං ලඟින්ම ඇවිදන් ආවා.මං එක බ්ලැක් කලර් ෂර්ට් එකක් තෝරලා එයාගෙ ඇඟට තිබ්බම එයා ඇස් ලොකු කරන් ආයෙ මං දිහා බැලුවා.
"ජිමින් හියුන් ඒත්..මේවා සෑහෙන්න ගණන්..බලන්න මේක අළුත්ම..."
"ෂ්..ෂ්..කවුද වියදන් කරන්නෙ.? මං නේද? ඔයා කටවහන් බලන්න ආස ඇඳුමක්.."
මං තව ෂර්ට් දෙක තුනක්ම එයාට තියලා බලලා එයගෙ අතට දැම්මා.ඒත් එයා කිසිම දෙයක් ගන්නෙ නැතුව දුන්නු ටික අරන් මගෙ පස්සෙන් ආවා..
ඇඳුම් පහ හයක්ම අරන් මං එයාට චෙන්ජ් කරන් එන්න චේන්ජින් රූම් එකට යැව්වම එයා එකින් එක ඇඳලා මං ඉස්සරහට ආවා.ඒ හැම ඇඳුමකටම එයාව කලින්ටත් වඩා හැන්සම්ව පෙනෙද්දි මගෙ හදවත ගැහෙන රිද්මෙත් ඒ එක්ක වෙනස් වුනා.ඒ ඔක්කොම එයාට නියමටම මැච් වෙද්දි මං මගෙ තේරීම් ගැන සතුටු වුනා.
ඇඳුම් අරන් ඉවර වෙලා යන ගමන් මගෙ ඇස් ගියෙ වයිට් කලර් ෂර්ට් එකකට.ඇත්තටම මං ආසම විදිහ..මං ගිහින් ඒකට අත තිබ්බත් ආයෙ මට මතක් වුනේ ගාණට නේද මගෙ අකව්න්ට් එකේ සල්ලි තියෙන්නෙ කියලා.මං ආපහු අත අර ගත්තම කුකී මගෙ දිහා බලලා ඒක දිහා බැලුවා.
YOU ARE READING
੮Һ૯ ც૯คυ੮ע... [▪︎COMPLETED▪︎]
Short Story____● Jikook ●____ ____● Sinhala ●____ _____● BL ●______