Park Jimin Pov...
"යමු.යමු...පරක්කුයි චිමියෝ...බලනවා තවුසෙට උදේට ඇහැරෝනවට වඩා හොඳයි මගෙ ඔළුවට මොකක් හරි දේකින් ගහ ගන්නවා..."
මේ මනුස්සයා මේ මාවත් ඇදන් උදේම දුවන්නෙ ලෙක්චර් එකට පරක්කුයි කියලා බෙරිහන් දෙන ගමන්.ඒත් විශ්වාස කරන්න තව ඒ මගුලට විනාඩි හතළිස් පහක්ම තියනවා..කාට කියන්නද ඉතිං.මාත් ඒ එක්කම ඇදිලා ගියෙ තාමත් නිදිමතේ ඇස් පියන්.
කිම් ටේහ්යන් තමයි මේ මගෙ පිස්සු යාළුවා..ඒ වගේම මගෙ ඥාති සොයුරා..ආදරේට කියන්නෙ ටේ...අනේ මොකට කියනවද ආදරේ.
"ඒ..ඒ් චිම් අර.."
"අහ්....?" මං නිදිමතේම කිව්වෙ ඇස් පොඩි කරන ගමන්..මට ඔය කියන ඒවා බලන්න ඕනි කමක් නෑ..නින්දක් තිබ්බා නම් ඇති.ඒත් මේ යෝදයා කාමරේටම ඇවිත් දෙක කරලා කෑ ගහලා අම්මාවත් ෆෝම් කලාම මගෙ නින්ද එතනම ලොස්ට්.
"ඇස් ඇරලා බලාම්කෝ..අර..අතන මොකද්ද සීන් එකක් යනවා.."
ඒ පාර නම් මං ලාවට ඇස් ඇරියෙ මේ යකා කන ගාව ඉඳන් බෙරිහන් දෙන නිසා.ඇත්තමයි ටේගෙ කට නම් අනේ මන්දා. මයික් ඕනි නෑ මුට.
මේන් ග්‍රව්න්ඩ් එකේ පඩිපෙළ හරියෙ ළමයි පිරිලා හිටියෙ එක රොත්තට මොකද්දෝ දෙයක් දිහා බලන්.ඒ මොකද්ද කියලා පෙනුන් නැත්තෙ ඒ හිටපු සෙනග තරමට.ඒ පාර මෙච්චර වෙලා පරක්කුයි කියලා නටපු එකා මාවත් ඇදන් ඒ පැත්තට ගියෙ ඕපෙ දැනගන්න.
ඉතිං මාත් ඒ ළමයි මැද්දෙන් ගියෙ මොකද්ද සීන් එක කියලා බලා ගන්න.ඒත් මාවත් කන්ෆියුස් වුනා ඒ දැක්ක එකට.
කොල්ලෙක් රෝස මලක් අරන් කෙල්ලෙක් ඉස්සරහ දණ ගහන් හිටියා.හරිම රොමෑන්ටික් විදිහට එයා අත උඩට කරලා ඒක කෙල්ලට දෙන්න අල්ලන් හිටියෙ..මං පටස් ගාලා බැලුවෙ කෙල්ල කවුද කියලා.
ආආආ.එයාද....?
ESTÁS LEYENDO
੮Һ૯ ც૯คυ੮ע... [▪︎COMPLETED▪︎]
Historia Corta____● Jikook ●____ ____● Sinhala ●____ _____● BL ●______