මං එයා ළඟින් ගිහින් හිට ගනිද්දිවත් එයා මාව දැක්කෙ නැත්තෙ එයා හිටියෙ සම්පූර්ණයෙන් වෙන සිහියක හින්දා..ඒක ලොකු කහ පාට මල් යායක්....ජිමින් තෝරගෙන තිබුනෙ ලස්සන ඒ වගේම ගොඩක් නිහඬ පැත්තක්..එයා තෝරපු යුනිවර්සිටි එකත් ඒ තරම් ප්රසිද්ධ නෑ..ටේ නිසායි මට එයාව හොයා ගන්න පුළුවන් වුනේ...එයා මල් යාය මැද පුංචි බෙන්ච් එකක ඉඳන් හිටියෙ ලොකු කල්පනාවක...
"හියුන්..."
"කු....කුකී.....ඔයා...? මෙ මෙහෙ...?"
එයා ගැස්සිලා මං දිහා බැලුවත් ආයෙ ඉක්මනට බිම බලා ගත්තා..එයාගෙ ඇස් වල කඳුළු හංගගන්න..අනේ මැණික..මං ඔයාව ඈත් කලා.මං මෝඩයෙක් වගේ ඔයාගෙ ආදරේ තේරුම් ගත්තෙ නෑ වගේම ඔයාට යන්න දුන්නා....මට මං ගැනම තරහයි.වටිනම මැණික් ගලකට මං ඒ වෙලාවෙ පයින් ගැහුවා.
"සමා..සමාවෙන්න ජිමින් හියුන්.. මං..මං......"
මං අඬ අඬාම මිමිණුවෙ මෙතනට ආව එකෙන් එයා ලොකු පුදුමෙන් බලන් ඉද්දි.ඒ ඇස් වල කඳුළු තාමත්. ඒකෙන් වුනෙ මාව තව රිදුන එක..මගෙ දණිස් පණ නෑ වගේ දැනුන හින්දා මාව දණ ගැස්සුනෙ කඳුළු කැට එක සීරුවට වැටෙද්දි.. මං බිමට කඩන් වැටෙද්දි ජිමිනුත් බය වෙලා වගේ පුදුම වෙලා මා එක්කම බිම දණගැස්සුනේ මගෙ උරහිස් අල්ලන්..
ඒත්...දෙයක් මතක් වුනා වගේ එයා ආයෙත් අත් එයා ලඟටම අර ගෙන බිම බලන් අඬන්න පටන් ගත්තා.. ඒත් එක්කම මං එයාගෙ අතින් මගෙ ලඟට අදිද්දි එයා ඇවිත් මගෙ පපුවට හේත්තු වුනාම මට ඇහුනා ඒ හදවත ගැහෙන සද්දෙ...
ලබ් ඩබ්..ලබ් ඩබ්...ලබ් ඩබ්...
හරිම මිහිරි ගැඹුරු ගැස්මක් මගෙ පපුව හරහා විනිවිද ගියා..
"මැණික...මැණික මට සමාවෙන්න...මං ඔයාව රිද්දුවා..ඒත්..ඒත්....දැන් ඔයාව මගෙ පණටත් වඩා වටිනවා.මං ආදරෙයි ජිමින් හියුන්...මං පරක්කු වුනාට සමාවෙන්න..මං ලොකු කාලයක් ඔයාව ඇඬෙව්වා.."
මං කිව්වෙ හුස්මත් හිර වෙන ගමන්...මට තවත් දරා ගන්න පුළුවන් වුනේ නැහැ.. ඒත් එයා මගෙන් ඈත් වුනා....ඊළඟට මගෙ මූණ දිහා ඇස් ලොකු කරන් බලන් හිටියත්...ඊළඟ තත්පරේ ඒ දිළිසෙන තරු ඇස් වලින් කඳුළු කැට පළිඟු වැස්සක් වගේ වැටෙන්න ගත්තා..
YOU ARE READING
੮Һ૯ ც૯คυ੮ע... [▪︎COMPLETED▪︎]
Short Story____● Jikook ●____ ____● Sinhala ●____ _____● BL ●______