කුකීටයි මටයි එකම ඇඳේ නිදා ගන්න වුනේ.ඒක ඒ තරම් අවුලක් නෑ තමයි.ඒත් මං රෑට කොහොම හැසිරෙයිද කියන එක මං දන්නෙ නැත්තෙ මං කවදාවත් කා එක්කවත් එකට නිදා ගෙන නැති නිසා.
ඒත් ඊළඟ දවසෙ උදෙත් එයා යහතින් හිටිය හින්දා මං දැන ගත්තා මං නින්දෙන් එයාව මරලා නෑ කියලා.
"කුකී මං ඔයාට කරදරයක් කලේ නෑ නේද ඊයේ රෑ..?මොකද මං මීට කලින් එහෙම නිදාගෙන නැහැ ඒකයි...හී..."
"අහ්..නෑ.." එයා හිනා වෙලා ඇඳුමක් දා ගත්තම මං මෙච්චර වෙලා ඉඳන් හිටිය ඇඳ උඩට එයාවත් ඇදලා ඉන්නදව ගත්තා.එයා මගෙ මූණ දිහා බලන් හිටියෙ එයාගෙ බෝතල් අඩි කණ්ණාඩි වලින්.මං ඒක ගලෝලා පැත්තකින් තිබ්බා.
"මේක නැතුව ඔයාට පේන්නෙ නැද්ද?"
"ම්හ්.." එයා නෑ කියන්න ඔළුව වැනුවා.
කොහෙන්ද මෙයාව වෙනස් කරන්න පටන් ගන්නෙ? කොණ්ඩෙන්..?
"මෙහෙ එන්න ලඟට..අපි ඔයාගෙ කොණ්ඩෙන් පටන් ගමු.." මං එයාව ලඟට අරන් කොණ්ඩෙ අතරින් ඇඟිලි යවලා එහෙ මහෙ කලාම මට හිතුනෙ ඒකට බ්‍රවුන් කලර් වගේ ගැළපෙයි කියලා.එයාගෙ ලොකු ඇස් වලට ලෙන්ස් දාන්න වෙනවා.කෝමත් දාන්න වෙන එකේ චොකලට් කලර් වගේ ලෙන්ස් ලස්සනට තියෙයි.
"දැනටමත් මෙයාව ඩිසයින් කරන්න ගත්තද? " මගෙ අවදානෙ මිදුනෙ ටේගෙ කටට පින් සිද්ද වෙන්න.
"ඕ...මේ..මෙයාට ක්ලෝත්ස් යන්නෙ බ්ලැක් කලර් වගේ නේද? ස්කින් එක ෆර්ෆෙක්ට්නෙ.."
"හ්ම්..ඕනි එකක් යනවා..ඒත් බ්ලැක් ඇන්ඩ් වයිට් මැචින් නියමෙටම...." ටේ කුකීගෙ නිකටින් අල්ලලා එයාගෙ පැත්තට හරව ගත්තා..
"ඉයර් රින්ග් එකක් ආවම මූණෙ නම් දෙයක් නෑ තව.."
"ඒවා පස්සෙ බලමුකො..හෙයා කලර් එකයි කට් එකයි චේන්ජ් කර ගමු අද.."
මං කිව්වෙ ටේට.මොනා වුනත් ලෙන්ස් වලට සෑහෙන්න ගානක් යනවා..ඒවා සේරම එක පාරමත් බැහැනෙ.."අහන්න..මං..හින්දා ඔයාලා මෙච්චර කරදර වෙන්න එපා..මං ළඟ සල්ලිත් නැහැ ඒවට..මං ගම.."
"ෂ්.ෂ්..අපි දැන් කරදරයි කිව්වද? ඔයා මල්ලි නම් ඒ විදිහට කටවහන් බෝනික්කෙක් වගේ ඉන්න හරිද..?"
ESTÁS LEYENDO
੮Һ૯ ც૯คυ੮ע... [▪︎COMPLETED▪︎]
Historia Corta____● Jikook ●____ ____● Sinhala ●____ _____● BL ●______