Jungkook Pov...."අත්තම්මා.."
"ඔව් මගෙ කුක් බේබි..."
"ආදරේ කියන දේ වටිනවද..?"
"නැතුව මගෙ පැටියො.මේ ලෝකෙ වටිනම දේ. ඒ නිසා තමයි ලෝකෙ රැදිලා තියෙන්නෙ.."
"ඇත්තටම? මං කොහෙන්ද ඒක සල්ලි දීලා ගන්නෙ..?"
"හයෝ...මගෙ කොල්ලො ඒකට මිලක් දෙන්න බෑ...ඒක ගොඩාක් වටිනවා."
"ඇයි බැරි....? ඩැඩා මට ඕනි දෙයක් අරන් දෙනවා.මට අළුත්ම හෙලිකොප්ටර් එකකුත් අරන් දුන්නා බර්ත් ඩේ එකට..ඒක සෝයි..අපි රට වටේම ගියා..."
"මගෙ පැටියට ආදරේ තාම තේරෙන් නෑ..ඔයා ඒක තේරුම් ගනී ලොකු උනාම. සල්ලි නෙවෙයි සේරම.."
"හ්ම්..."
____________________________________
වයස අවුරුදු පහළවේදි විතර අත්තම්මා එක්ක කරපු ඒ කතාව මට එක තත්පරෙන් මතක් වුනේ ටේ ගහපු කනේ පාරෙ සැරට.
මගෙම හොටෙල් එකේ, මගෙම ස්ටාෆ් එක ඉස්සරහ,මගෙ ගර්ල් ෆ්රෙන්ඩ් ඉස්සරහ, මගේ ආත්තම්මායි , අම්මායි ඉස්සරහ....නොහිතපු වෙලාවක ඉස්සරහට ආව ටේ අත පුරෝලා මගෙ කම්මුලට ගැහුවා. සාධාරණයි....මං ලොකු බොරුවක් කලේ...
"තමුසෙ මහ නින්දිත මනුස්සයෙක්.තමුන් කොච්චර පහත් , සෙවල, අප්‍රසන්න කෙනෙක්ද කියලා මට කියා ගන්න වචනත් මදි.ඒ තරම් මට තමුසෙව පේන්න බෑ...අර කොල්ලා...... අර කොල්ලා තව පොඩ්ඩෙන් ඇඳ උඩම මැරිලා යන්නෙ තමුසෙ වගේ එකෙක් වෙනුවෙන් නම් මං තමුසෙව මරලා මාත් මැරෙනවා..."
ටේ අඬ අඬ කෑ ගැහුවෙ මුළු හොටෙල් එකටම ඇහෙන්න.ඒ වගේම එයා මගෙ ඇඳුමෙ කොළර් එකෙන් උස්සලා මගෙ බෙල්ල තද කරන් හිටියෙ.වටේටම මගේ ගාඩ්ලා පිරෙද්දි මං එයාලාට ඈතට යන්න කිව්වෙ අතින්.
ඒත්.....එයා 'අර කොල්ලා' කිව්වෙ මෝචි ටද? මගෙ මෝචි ටද? මාව සීතල වුනා.
"කවුද..? මොකද්ද වුනේ ටේ..? කොහෙද ජිමින් හියුන්?"
"කට වහනවා.තමුසෙගෙ කටින් ජිමින්ගෙ නමවත් කියන්න එපා..කොහොමත් ආයෙ තමුසෙගෙ බොරු බලන්න.., තමුසෙ මේ කෙල්ලත් එක්ක නටන වන්නම් බලන්න ඒකා නෑ අදින් පස්සෙ.."
ESTÁS LEYENDO
੮Һ૯ ც૯คυ੮ע... [▪︎COMPLETED▪︎]
Historia Corta____● Jikook ●____ ____● Sinhala ●____ _____● BL ●______