Chess කතාවට පෙර
දන්න කෙනෙක්ට නම් දැක්ක ගමන් කවුද කියලා අදුරගන්න පුළුවන් කමක් තිබ්බ මිනිස්සු හය දෙනෙක් විතර පැනලා යන්න නොදී ඒ අල්ලගෙන ඉන්න ගෑනු කෙනා ඉස්සරහට ඇවිල්ලා හිටගත්තෙ කළු පාට හූඩි එකක් ඇද ගෙන කළු පාට මාස්ක් එකක් දාගත්ත මනුස්සයෙක්.
කොණ්ඩෙත් ඉස්සරහට පීරලා හිටපු නිසා නිශ්චිතවම ඒ කවුද කියලා හදුනා ගත නොහැකි මුත් ඔහුගේ පැමිණීම කාන්තාව අල්ලා ගෙන සිටි පිරිස නොසන්සුන් කරන්නට විය. එය බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීම අපහසු නොවීය.අනන්‍යතාවය සඟවා ගත් ඔහු තමන්ගේ මුහුණ ඉදිරියට වැටී ඇති කොණ්ඩය ටිකක් පසු පසට කරේ තමන්ගේ තද කළු දෑස් තමන් ඉදිරියේ සිටි කාන්තාව දෙස එක එල්ලේ බලන්න බව ඒ සිටි කාන්තාව ඇරෙන්නට වෙන කිසිවෙකුත් නම් දන්නේවත් සිතන්නේවත් නැත.
ඒ දිලිසෙන තද කළු පැහැති දෑස් එක එල්ලේ ඒ කාන්තාවගේ දෑස් වලට යොමු වුණේ තත්පර කිහිපයකට වුවද ඒ ඇස් කතා කරපු බවක් කිසිවෙකුත් නොදනී. තත්පර කිහිපයක නිහඬ බව බිඳිමින් කතා කරේ කාන්තාව අල්ලා ගෙන සිටි පිරිසෙන් අයෙක්.
එක් මිනිසෙක් : තමුන් කවුරු උනත් අපිට ඒකෙන් වැඩක් නෑ.
තව මිනිසෙක් : ආවෙ මෙයාව බේර ගන්න නම් ඒක හිතින් අත අරිනවා.
YOU ARE READING
CHESS [ Jikook ]
Fanfiction??? : මේකත් නිකන් හරියට චෙස් ගේම් එකක් වගේ. Tae : එයා ඔයාට ආදරෙයි ද කොහෙද Jimin : මට බෑ මගෙ බොස්ට ආදරේ කරන්න!! අනික මං ආදරේ කරේ කුකීට. මං ආදරේ කරන්නෙත් කුකීට ම විතරයි. ? : ඔයාට එක කරන්නම වෙයි. Jikook ff එකක්. Top - Jung kook Bottom - Jimin