Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වෙනදා මෙන් ම සුපුරුදු පරිදි චෙස් මූලස්ථානයේ එක් කුටියක් තුළ බ්ලැක් කින් සහ තවත් අයෙකු චෙස් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියි.
එනමුදු එය සිදු වන්නෙ V හෝ YJ සමඟ නොවෙයි. අද බ්ලැක් කින් ඉදිරියේ සිටින්නෙ දෙදෙනාටම හුරු පුරුදු අය නොවෙයි. ඒ නිසි ම අද චෙස් ක්‍රීඩාවේ යෙදෙන විට දීත් බ්ලැක් කින් මාස්ක් එකක් පැළද තම අනන්‍යතාව තවදුරටත් රහසක්ව ම තබා ගැනීමට වග බලා ගෙන ඇත.
එය කෙසේ වෙතත් ඔහු තමන් ඉදිරියේ සිටින රුව අධීක්ෂණය කරන්නට වූ අතර ඔහුගේ සිත තරමක් දුරට නොසන්සුන් විය.
තමන් ඉදිරියේ සිටින්නේ ඉටි රුවක් ද, කිරි ගරුඬින් කල මූර්තියක් ද, දෙව්ලොවින් බැසි සුරදූතයෙක් ද, එසේත් නැතිනම් සැබවින්ම මේ සාමාන්‍ය මිනිස් ලොව වෙසෙන මනුෂ්‍යයෙක් ද යන්න තීරණය කර ගැනීමට අපහසු වූයේ තමන් ඉදිරියේ සිටි තරුණයාගේ මුහුණට වැටී තිබූ කෙස් රොදවල් , සිහින් ඇසි පිය, දියමන්ති වගේ දිළිසෙන දෑස්, මනා හැඩයකින් යුත් නාසය, චෙරි පැහැති කිසි විටෙකක් සිනාවක් රැදී නොතිබුනු පිරුනු දෙතොල්, ඔහුගේ කන් පෙති වලින් එල්ලී පහළට ලෙලෙන රිදී පැහැති ඉයර්රින්ග්ස් නිසාත් ඔහුගේ කිරි පැහැති සමත් නිසාවෙන්ම පමණක් මත් නොවේ.
රළු බවක් රැදී තිබුණ ද ඒ මුහුණින් සැගව ඇති සියුමැලි බවක් හා ඔහුගේ පුංචි චලනයන් පවා ඔහු සැබෑ රුවක් නොවන බවටම දුටුවන් වශීකෘත කර ගැනීමේ මනා හැකියාවක් ඔහුට තිබුණු නිසාත් විය හැකිය.
දහස් ගණනක් මිනිසුන් ඇසුරු කර ඇති, බොහෝ සතුරන් ඉදිරියට ගොස් ඇති, කෙටි කලකට හෝ බොහෝ කාන්තාවන් හා සබදතා පැවැත් වූ ඔවුන් හා දීර්ඝ රාත්‍රීන් ගෙවා දමා තිබුණු බ්ලැක් කින්ගෙ සිත ඒ කිසිම මොහොතක මේ තරම් සසල වී හෝ ව්‍යාකූල වී තිබුනේ නැති තරම් ය. ඔහුගේ සිතට තමන් ඉදිරියේ ඇති රුව කෙරෙහි රාගික සිතුවිල්ලක් වත් පහළ නොවීම ද ඔහුගේ සිත ව්‍යාකූල කිරීමට හේතු විය.
YOU ARE READING
CHESS [ Jikook ]
Fanfic??? : මේකත් නිකන් හරියට චෙස් ගේම් එකක් වගේ. Tae : එයා ඔයාට ආදරෙයි ද කොහෙද Jimin : මට බෑ මගෙ බොස්ට ආදරේ කරන්න!! අනික මං ආදරේ කරේ කුකීට. මං ආදරේ කරන්නෙත් කුකීට ම විතරයි. ? : ඔයාට එක කරන්නම වෙයි. Jikook ff එකක්. Top - Jung kook Bottom - Jimin
![CHESS [ Jikook ]](https://img.wattpad.com/cover/299615287-64-k714459.jpg)