Author pov
නම්ජුන් ඇවිදගෙන යද්දී එක පාරටම එයා නැවතුනේ එයා දැක්ක දෙයක් නිසා... එයා හරි.. එයා 2020දීත් දැක්කේ මේ කොල්ලා.. ඒය ඇදන් ඉන්නේ කළු.. නම්ජුන් එක මොහොතකට නැවතුනා.. එයා හරි ඒ එයා.. එයාම තමා.. එයා අද ඇඩුවේ නැහැ. එයා බලන් හිටියා..
නම්ජුන් ගේ හිතේ තිබ්බේ අද මෙයා එක්ක කතා කරනවා කියන එක විතරයි..ඒ එක්කෙම නම්ජුන් ඒ පැත්තට ඇවිදන් ගියා.. පාරට පේන තැනකම තිබ්බ ඒ සොහොන ලග ඉටිපන්දම් දෙකක් පත්තු කරලා තිබ්බා.. ඒ වගේම ලස්සන ලිලි මල් බොකේ එකකුත් තිබ්බ.... නම්ජුන් සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න පිටිපස්සෙන් ගිහින් ඒ කෙනා ලගින් හිට ගත්තා.. එයාට තාම එක තේරිලා නැහැ.. එයා ඉන්නේ වෙනම ලෝකෙක.. නම්ජුන් එක මොහොතක් අරන් ඒ ලස්සන මනුස්සයව අද්යනය කරා.. පළල් උරෙස්, එයාට වඩා 10cm වගේ උස,ටිකක් දිග කොන්ඩේ කළු පාට බුල් එකකින් ගැටගහල තිබ්බේ.. එයාගේ ඇස් දෙක.. ඒ ඇස් දෙක කළු පාටෙන් පිරිලා.. නම්ජුන් ට හිතුනේ මේ මනුස්සය monster කෙනක් කියලා... හැබැයි කඩවසම්....
මේ සැරේ දුවන්නේ නැහැ නේද ?එක පාරටම නම්ජුන් කතා කළා..
එක පාරටම ගැස්සුන ජින් නම්ජුන් දිහාවට හැරුනේ බනින්න හිතාගෙන.... මොකද එයාට තරහා ගියා.. වගේම බය හිතුනා..
ඒත් ඒත් එයා මොහොතකට නැවතුනා.. මොහොතකට එයා වෙන ඇස් දෙකක් අතර හිර උනා.. කළු පාට.. කළුම කළු පාට ඇස් දෙකක් අතර.. එයා වැඩියෙන් ම ආදරේ කරන පාට.. එයා නම්ජුන් ගේ ඇස් අතරේ ගිලුන..
නම්ජුනුත් එයත්.. එයත් ජින් ගේ තද දුබුරු ඇස් දෙක දැකලා පුදුම උනා.. ඇයි යකෝ මේ මිනිහා ඔක්කොම කළු ඇස් දෙක විතරයි දුබුරු.... අයිෂ් මගේ ඇස් දෙක දෙන්න තිබ්බ එයාට..පවු නෙත.. ඇයි මන් දිහා මේ බලන් ඉන්නේ.. මගේ මුනේ මොන හරි ගැවිලාත..අහ්හ් ice කැවා නේ..
මගේ මුනේ මොනා හරි තියෙනවා ද..??
ඒ සද්දෙන් තමයි ජින් මේ ලෝකෙට ආවේ...
තමුසේ කවුද..??
ජින් එක පාරටම නම්ජුන් ගේ ඇගට කඩාගෙන පැන්න.... ඒත් දෙයක් වෙනස් වෙලා.... එයා කිසි කෙනක් එක්ක කතා කරන්නේ නැහැ.. කිසි කෙනක්.. කිසිම කෙනක්.. එයා ඒත් නම්ජුන් ගෙන් නම ඇහුවා.. ජින් වෙනස් වෙනවා ද ?
මේ ලොකු අයියේ.. අඩියක් උස උනාට ඔයාට මගේ ඇගට කඩා පනින්න බැහැ.. මන් ද මන් ආවේ ඔයා එක්ක කතා කරන්න.. ලොකු ලොකු business එකක්...
නම්ජුන් එක අතෙන් පෙන්න පෙන්න් කියද්දී ජීන් ට හිනා යන්න ආවත් එයා එක පාලනේ කරගෙන ඒ විදියට ජින් නම්ජුන් දිහා බලන් හිටියා..
හරි මොකක් ද කියලා අහන්නේ නැත්නම් මම කියන්නම්.. හොදේ.. මෙහෙමයි.. ඉන්න පොඩ්ඩක්... පිටිපස්සට වෙන්න..
නම්ජුන් ජින් ට හුගක් ලං වෙලා හිටිය නිසා එයා ජින් ගේ පපුවට අත තියලා ටිකක් එයාව ඇත කළා..
ඔයාට මාව මතක ද..
ජින් ට ඇත්තටම මතක තිබ්බේ නැහැ.. ඒත් එයා බලන් හිටියා..
මතක ද නැහැ ද..???
.........
හරි ඔයාගේ silence එක නැහැ කියන විදියට ගන්නම්.. Seriously.. මාව දැකල දිව්ව කොල්ලා අද මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා..
එක කියද්දී නම් ජින් ටිකක් ගැස්සුනා.. ඒත් එක්කම එයාගේ හිත ගියෙ පොඩ්ඩක් අතීතෙට.. එයාට මතක තිබුන.. නම්ජුන් ගේ ඇස්.. ඔව් කළු.... කළු ඇස්.. අන්න එකයි ජින් කළු පාටට මෙච්චර ආස වෙන්න හේතුව උනේ.. එකයි හේතුව.. නම්ජුන් ගේ ඇස්..හේතුව ජින් තාම ජිවත් වෙන... ඒ ඇස් තමන්ට hopes දුන්න.. ජින් ගේ පලවෙනි ආදරේට අයිති ඇස්..
ඒ කියන්නේ මේ ජින් ගේ පලවෙනි ආදරේ ද..??

YOU ARE READING
𝗚𝗹𝗼𝘄𝗶𝗻𝗴 𝗕𝗹𝗮𝗰𝗸 𝗘𝘆𝗲𝘀 | 𝗡𝗮𝗺𝗷𝗶𝗻 √
Short Story𝙷𝚒𝚜 𝚐𝚕𝚘𝚠𝚒𝚗𝚐 𝚋𝚕𝚊𝚌𝚔 𝚎𝚢𝚎𝚜 Boylove✔️ BTSships✔️ Happy end✔️ Top Jin✔️ Bottom Namjoon ✔️ Story cover - ChoiJaehi