ᑕᕼᗩᑭTᗴᖇ 01 🖤

1.9K 257 88
                                    

Jungami Pov

" ඕයි...... ගෑනියේ නැගිටපන් මම අන්තිම වතාවට කියන්නේ තමුසේ මැරිලා ද "

මගේ රාජකීය නින්දට බාධා කරමින් උච්ච ස්වරයෙන් කෑගහන නර පනුවාගේ අත්තා මුත්තා කිරි කිත්තා කිරි කෑ මුත්තා මතක් කරමින් එක ඇහැක් ඇරලා යාන්තම් බැලුවා

එක අතක කොස්සක් ද අනිත් අතින් මල් පෝච්චියක් ද තබාගෙන මා දෙස ඉතා ආදරයෙන් කරුනාවෙන් බලාගෙන සිටින මගේ අතිජාත අපාය සහයක පාප මිතුරිය වුනු සෙයුල්ගි...

මම ඇස් දෙකත් පියාගෙන අනිත් පැත්ත හැරුණේ මගේ ආදනීය නිදි කුමාරයා වැලද ගැනීම සදහා පරම පිවිතුරු අරමුණ පෙරදැරි කරගෙන ය නමුත් සියල්ල සුනු විසුනු වී විනාස වී යාමට ගත වූයේ ඉතා සුලු වේලාවකින්

මගේ පශ්චාත් භාගයට වැදුනු දැවැන්ත පාරක් හේතුවෙන් ඇස් ඇරියා

" කවුද යකෝ අහිංසක මගේ නින්දට බාධා කරපු ඇට කිඹුලා ඈ වැරදුනා ගැට කිඹුලා වරෙන් යකෝ ඉස්සරහට පිටිපස්සෙන් පිහියෙන් අනින්නේ තොපිට ලැජ්ජ නැද්ද මට අහු වුනොත් තොපි උල තියනවා "

" උල තියාගන්න ඇට කිඹුලෙක් තෝ උල තියාගනින් ඊට කලින් මේ සුන්දර මල් වාස් එක උබේ ඔලුවට එයි මල් වාස් පාරක රස බලනවා ද ගිහින් රෙඩි වෙනවාද "

මගේ අතිජාත පාප මිතුරිය වෙනදා මෙන්ම උච්ච ස්වරයෙන් ජාතිය අමතන්න පටන් ගත්තා

" ඔච්චර තරහ ගන්න එපා සුදූ.... ඔයා ඉක්මනට වයසට යයි එතකොට කොල්ලෙක්වත් ඔයා දිහා බලන එකක් නැ බන් මම උබ ගැන හිතලා නේ බන් කියන්නේ.. "

මම උපරිම අහිංසක විදියට දත් තිස් දෙකම නියවලා කිව්වා ඒත් ඉතින් සෙයුල්ගිගේ බැල්මේ වෙනසක් වුනේ නැ අපරාදේ මගේ වචන ටික

" උබේ ඔය වචන වලට කොන්ඩේ බැදපු චීනෙක් අහුවෙයි දැන් පලයන් "

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now