ᑕᕼᗩᑭTᗴᖇ 04 🖤

1.1K 216 34
                                    

ගෙදරට එනකම් ම ජන්ග්මි වැරදිලාවත් යුංගි දිහා නම් බැලුවේ නැ කෙල්ල කොයිවෙලෙත් යුංගිගෙන් ඇස් හංගනවා යුංගිට හිතුනේ අපරාදේ කිව්වේ කියලා ඒත් දැන් කරන්න දෙයක් නැ නේ

" ගෙදර ආවා..."

යුංගි කියද්දී ජන්ග්මි පටස් ගාලා කා එකෙන් බැහැලා දුවන්න හැදුවේ ඒත් ඊට වඩා ඉස්සර වුනු යුංගි ජන්ග්මිගේ අතින් අල්ලගත්තා

මොකද පොලොස් කොට්ටෝරුවෝ වෙලා තියෙන්නේ මගේ අත අතහරිනවා සෙද්ද

" තමුසේ කවද්ද මට ඔය zoo එකේ සත්තුන්ගේ නම් වලින් ආමන්ත්‍රණය කරන එක නවත්තන්නේ "

" නවත්තන්නේ නැ තමුසේ ආපහු මගේ හිත කියලා අහුවුනොත් මම තමුසෙව මරනවා "

" එච්චර දෙයක් කරන්න පුලුවන් ද ම්ම් "

යුංගි ගැඹුරු කටහඩකින් කතා කියද්දී ජන්ග්මි පොඩ්ඩක් ගැස්සිලා ගියත් ඒක යුංගිට පෙන්නුවේ නැ යුංගි ජන්ග්මිගේ අතින් ඇදලා තවත් ලං කරගෙන ජන්ග්මිගේ මූනට එබුනා යුංගි ජන්ග්මි අතරේ තිබුණේ සෙන්ටිමීටරයක තරම් දුරක් ජන්ග්මිගේ හාට්ටුව බ්‍රේක් ඩාන්ස් නටනවා

මෝඩ හිත මුකුත් හිතන්න නම් එපා මම හිතට වෙන පූජාවක් තියනවා මේ වෙලාවේ මුකුත් නොහිතා හිටියොත් නම්

ජන්ග්මි හිතද්දී යුංගි කට කොනින් හිනා වෙලා ජන්ග්මිගේ තොල් දිහා බැලුවා කොච්චර චන්ඩියා වගේ යුංගි එක්ක කටගහගෙන ගියත් මේ වෙලාවේ ජන්ග්මි හිටියේ එකසිය ගානට බය වෙලා කෙල්ලට හීන් දාඩිය දාලා ජන්ග්මි මේ වෙලාවේ කල්පනා කලේ මනුස්ප කෙල්ලෙක් වශයෙන් වාෂ්ප වෙන්න පුලුවන් ක්‍රම මොනාද කියලා

යුංගි ටික ටික ජන්ග්මිගේ මූනට ලං වෙනකොට කෙල්ලගේ ඇස් පියවුනා ජන්ග්මි හිටියේ වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව හැබැයි යුංගි ඊලගට ජන්ග්මිගේ කනට කරලා කියපු දේ නිසා කෙල්ල ඇස් ඇරියා

" හෙට උදේ 7.00 වෙනකොට යුනි එකට ඇවිත් ඉන්නවා "

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now