"Soya..... ඉක්මනටම එනවා..... මං යන්නද තමුසෙ එනවද නැද්ද..... හැමදාම ඔහොමයි...."".. මේ එනෝ.........😁"
කාමරේ ඉදලා එබිලා ලස්සන හිනාවක් හීජින් ට දාලා... හද හද ආව side bag එකෙන්ම ගහලා පහලට දුවන් ආව Soya breakfast අරන් ඉන්න jung gil ව බදාගත්තා... Jung gil කියන්නෙ South korea වල ඉන්න Top bissnusmen කෙනෙක්.. එයාගෙ එකම දුව තමා Soya..... හීජින් කියන්නෙ Jung gil ගේ නංගිගෙ පුතා... ඒ කියන්නෙ soya ගෙ cousin... ඒත් කෙල්ල හීජින් එක්ක ඉන්නෙ යාලුවෙක් එක්ක ඉන්නවා වගේ... ඒත් හීජින් නම් කෙල්ලට ගොඩක් කැමති...
හැමදාම කෙල්ල දවල් වෙනකන් නිදාගන්න නිසා... හැමදාම කොලේජ් යන්නෙ කෙල්ල පරක්කු වෙලා.... ඉතින් එක්කො Driver එක්ක හරි අප්පා එක්ක නැත්තම් හීජින් එක්ක තමා යන්නෙ... වැඩියෙන්ම යන්නෙ හීජින් එක්ක... ඉතින් අදත් කෙල්ල නැගිට්ටෙ පරක්කු වෙලා... Soya කියන්නෙ ටිකක් දගකාර, හැඩකාර හුරතල් කෙල්ලෙක්... Soya ගේ ඔම්මත් නැතුව කෙල්ල පුංචි කාලේ ඉදලා හිටියෙ හැදුනේ වැඩුනේ අප්පා එක්ක... ඉතින් අප්පගෙ එකම හුරතල් කෙල්ල නිසා එයාට ගොඩක් නිදහස දීලා තියෙන්නෙ... කෙල්ල ඕන කිව්ව ඕන දෙයක් අප්පා ගෙනත් දෙනවා... ඒවගේම කෙල්ලට ඕනකරන හැම දෙයක්ම මේ වෙනකොටත් අප්පා කෙල්ලට අඩු නැතුව දීලා තියෙන්නේ.......
"Good morning අප්පා...... ඕ.. කවන්නකෝ.. බඩගිනි....."
"Good Morning.... කෝ එන්න මගෙ කෙල්ල.. ඇයි පරක්කු වෙන්නෙ හැමදාම... වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න Soya......"
"ඕකේ ඕකේ අප්පා.... අනේ බනින්නෙ නැතුව කවන්නකෝ..."
"යාහ්.. Soya.. එනවා යන්න.. ඒපාර අප්පා එක්ක හුරතල් වෙනවා.. uncle.. Soya ට ඔච්චර නිදහසක් දෙන්න එපා.. මෙයා ඒකම නිසාමයි නරක් වෙන්නෙ..."
"කමක් නෑ හීජින්.. මෙයා ඉතින් ඔයා කවදහරි එක්කන් ගිය දවසක මට Soya එක්ක මෙහෙම ඉන්න හම්බෙන්නෙ නෑනේ..."
"......😒"
"soya කාලා ඉවරද මගෙ කෙල්ල..."
"ඕ අප්පා.. මට ඇති.... මං යනවා අප්පා.... බායි.. වෙලාවට බෙහෙත් ටික බොන්න හොදද... අද ඔෆිස් යන්න එපා..ඔයා ඊයෙ ටිකක් අසනීප උනානේ අප්පා...."
YOU ARE READING
Promise ♡ [COMPLETED]✔️
Fanfiction" Taehyung........ ඔයාගෙ නහයෙ ලපයක් තියෙනවා ඒක මට දෙන්න......."