"කුමක්ද මෙතන සිදු වන්නේ?"
සූයුන් තම හඬ අවදි කලා. එම ස්ථානයේ රැඳී සිටි ජනතාව අතරින් ඉදිරියට පැමිණි සූයුන්, කිම් බ්‍යුල් ගේ නිවස ඉදිරියේ සිටි උස තරබාරු මිනිසා ඉදිරියෙන් සිටගත්තා.
"මා විමසුවේ, කුමක් ද මෙතන සිදු වන්නේ කියා..! හැකිද මට එය පැහැදිලි කර දෙන්න." සූයුන් නැවත වරක් විමසුවා.
ඉදිරියට පැමිණි උස තරබාරු මිනිසා, සූයුන් ගේ හිස් මුදුනේ සිට පාදාන්තයටත්, පාදාන්න්තයේ සිට හිස් මුදුනටත් හොදින් පරික්ෂා කළා. "නුඹ කවුද?" ඔහු තම මුහුණේ වැවී තිබූ රැවුල අත ගමින් පැවසීය. "නුඹ කවුරුත් වුනත් මට වැඩක් නෑ. මැය මගෙන් විශාල ණයක් ලබාගෙන තිබෙන්නේ. ඔබට එය ගෙවිය හැකි නම්--"
"මෙයා ප්‍රමාණවත්ද?" සූයුන් තම පසුම්බිය පිටතට ගෙන එය ණය කරුට පෙන්වූවා.
පසුම්බිය උදුරා ගෙන එය තුලට අත දමා කාසියක් පිටතට ගත් ඔහු එම කාසිය පරික්ෂා කර, "ස්තුතියි.. නමුත්--"
ඔහු පැවසීමට ගිය දෙය සම්පුර්ණ කිරීමට පෙර සූයුන් තම එහා පසින් සිටි පාලිකා ජොන් ගේ පසුම්බිය රැගෙන ණයකරු දෙසට විසි කලේ පාලිකාව ද ඇය දෙස විස්මයෙන් බලා සිටියදී..
අකමැත්තෙන් වුවද තම සහයකයන්ට හස්තයෙන් සන් කළ ණය කරු සියලු දෙනා සමග පිටව ගිය විට අනෙක් ගම් වාසීන් ද තම රාජකාරි වලට අවධානය දුන්නා.
මිනිසාගේ ග්‍රහණයෙන් නිදහස් වූ වහාම, බිම දණගසාගෙන සිටින තම මාමණ්ඩි දෙසට බ්‍යුල් දිව ගියා.
"මාමණ්ඩි!" මාමණ්ඩිය ට නැගී සිටීමට උපකාර කළ ඇය ඔහුව අසල තිබූ බැංකුවක් ගෙන වාඩි කරවා ඔහු අසලින්ම දණ ගසා ගත්තා.
"නැහැ නැහැ.." යයි වෙහෙසකර ලෙස පැවසූ මාමණ්ඩි සූයුන් දෙස කෘතඥ පූර්වක ලෙස බැලුවේය. "බොහොම ස්තුතියි මෙනෙවිය. ඔබතුමී නොසිටින්න මට කුමක් වෙයි ද කියා සිතා ගන්න බෑ."
බ්‍යුල් ද ඇයට හිස නවා ආචාර කොට තම ස්තුතියි ප්‍රකාශ කලාය.
.
.
.
.
සූයුන් සහ බ්‍යුල් කඩසාප්පු පිරි විදිය හරහා එකිනෙකා පසින් ගමන් කළහ. බ්‍යුල් මදක් අපහසුවෙන් මෙන් සිටිද්දී, සූයුන් නම් තම කඩවසම් තරුණිය සමඟ ගමන් කිරීම ගැන උද්යෝගයෙනුයි පසු වුනේ. හොරැහින් බ්‍යුල් දෙස බලමින් සූයුන් ගමන් කළාය.
YOU ARE READING
How Can A Girl Be So Handsome (On hold)
Historical Fiction"ඇය නම් බෙහෙවින්ම කඩවසම්.. තරුණයෙකුටත් වඩා.."