1 කොටස

646 98 15
                                    

සුපුරුදු පරිදි බ්‍යුල් සොසෝරු වෙත ඇතුල් වන විටම එහි සිටි නාටිකාංගනාවන් පණු අමාරුව සෑදුනාක් මෙන් ලැජ්ජාවෙන් ඇඹරීමට ගත්තේ තමා සිටින්නේ තමාගේ රාජකාරි අතරතුර කියාත් අමතක කර දමමිනි.

"ඇත්තෙන්ම ඇය නම් කෙසේ මෙලෙස කඩවසම් උනාද මන්දා?" බ්‍යුල් දෙස බලා සිටි එක් නාටිකාන්ගනාවක් පැවසුවේ ලැජ්ජාවෙන් ඇඹරෙමින්.

"ඇය තරුණයෙක් උනා නම් මා දෙවරක් නොසිතා මේ මොහොතේම ගොස් ඇයට යෝජනා කරනවා." ඇයට එහා පසින් සිටි නාටිකාන්ගනාවත් ඇය සෙම ඇඹරෙමින් පැවසුවා..

"හ්ම්ම්.. අපරාදේ... "

"නමුත්.. අදත් ඇය කුමටද පැමිණ ඇත්තේ?" මෙවර අර දෙවන නාටිකාන්ගනාව ට ප්‍රශ්නයක්..

"හෝ හෝ.. අන්න ඇය මේ පැත්තටයි එන්නේ? පිළිවෙලට ඉන්න." පළමු නාටිකාංගනාව දෙවන නාටිකාංගනාව ට පැවසුවේ තමාගේ හිසකෙස් සහ ඇඳුම් පිළිවෙල කරගනිමින්..

ඔවුන් දෙසට පැමිණි බ්‍යුල් හිස නවා ආචාර කිරීමෙන් පසු මද සිනහවක් ඔවුන් වෙත සංග්‍රහ කර, "සියොල් හන්, ඔබ මගේ නැගණිය ව දුටුවද?" කියා පළමු නාටිකාංගනාව ගෙන් විමසුවා.

"යූජන්ග් ද? ඇය නම්.."

"මා සිතන්නේ ඇය කා හට හෝ සංග්‍රහ කරමින් සිටින්නේ. අර පැත්තේ විය යුතුයි." සියොල් හන් කල්පනා කරමින් සිටිද්දී ඇගේ එහා පස සිටි නාටිකාංගනාව පැවසූ විට බ්‍යුල් ඔවුන් වෙත ස්තුතිවන්ත සිනහවක් පා ඔවුන් පෙන්වූ දිශාවට ගියේ නාටිකාන්ගනාවෝ වශී වූවාක් මෙන් ඇය දෙස බලා සිටිද්දී.

ඉහල මහලක පිහිටි එළිමහන් මණ්ඩපයක සංග්‍රහයක් බුක්ති විඳිමින් සිටි පිරුණු කම්මුල් දෙකක් සහිත සුන්දර තරුණිය තමාට පෙනුණු පිරිමියෙක් මෙන් තරුණිය හා ඇය දෙස බලමින් උකුළු මුකුළු කරන තරුණියක් දෙස බලා සිටියේ කුතුහලෙන්.

"කුමරිය, ඔබතුමී කුමක් දෙසද ඔය බලා සිටින්නේ?" සූයුන් ට සේවය කරමින් සිටි නාටිකාංගනාව විමසුවේ ඇය කුමක් හෝ දෙස බලා සිටින බව දුටු නිසයි.

"කවුරුන්ද ඒ? මේ නාටිකාංගනාවන් මෙතරම් උමුතු වෙන්න තරම්." බ්‍යුල් ගිය දෙසටම තවමත් නෙත් යොමාගෙන සූයුන් පැවසුවා.

How Can A Girl Be So Handsome (On hold)Where stories live. Discover now