2 කොටස

453 71 19
                                    

බ්‍යුල් නිවසට පැමිණෙන විට බොහෝ රෑ බෝ වී තිබුනා. ඇගේ මාමණ්ඩිය ඇය එන තුරු ඔවුන් ගේ කුඩා නිවස ඉදිරියේ අසුන් ගෙන සිටියා.

"බ්‍යුල්.. ඔබ පැමිණියද?" ඈත සිට එන බ්‍යුල් ව දුටු මාමණ්ඩිය එදෙසට දිව ගියා. බ්‍යුල් ද ඉක්මනින් නිවස දෙසට පැමිණියා.

"මාමණ්ඩි... අදත් ඔබ මා එන තුරු බලා සිටියාද? මා පවසා තිබෙනවා නේ, මා එන තුරු සිටීමට අවැසි නෑ." තම මාමණ්ඩි සමග නිවස තුලට යමින් බ්‍යුල් පැවසුවා.

"ඔබ එන තුරු නොවේ නම් කවුරු එන තුරුද මා සිටිය යුත්තේ? මේ මහල්ලව බලාගන්න ඉන්න එකම කෙනා ඔබ පමණ නේ." බ්‍යුල් අසුන් ගත් තැනින් අහාර වගයක් පිළියෙළ කර තබමින් ඔහු පැවසුවා..

"මාමණ්ඩි!.." බ්‍යුල් හට කුමක් පැවසන්න ද කියා වැටහුනේ නෑ..

සැහැල්ලුවෙන් සිනා සුනු මාමණ්ඩි, "ඔය දේවල් අමතක කර දමන්න.. ඔබ රාත්‍රී ආහාරය අරගෙනත් නැහැ නේද? ඕක කන්න.."

මද වෙලාවක් නිශ්ශබ්දව සිටි බ්‍යුල් නැවතත් කතා කරන්න ගත්තා.

"මාමණ්ඩි, මේ.. මා අද යුජන්ග් ව හමුවෙන්න ගියා.." බ්‍යුල් පැකිලීමෙන් පැවසුවේ තම මාමණ්ඩි ගේ ප්‍රතිචාරය කුමක් වේද කියා හොදින් ම දන්නා නිසයි..

"හාහ්!.. මා නුඹට පවසා තිබෙනවා නේද එහි යන්න එපා කියලා. අදත් ඔබ කුමක් හෝ කලබලයක් කරලා නොවේද පැමිණියේ? ආ.. පවසන්න.."

"මා..මණ්ඩි...."

"ඇයට කුඩා දරුවෙකු සේ සැලකීම නවත්වන්න. ඔය නිසානේ ඇය මෙහි පැමිණීමත් නිතරම ප්‍රතික්ෂේප කරන්නේ.."

"මාමණ්ඩි ඇයව කුඩා කලදීම සොසෝරු වෙතට බාර නොදුන්නා නම් මේසේ සිදු වන්නේ නෑනේ."

"කුඩා කොහෙද? ඇය එවිට සොළොස් හැවිරිදියි.."

"සොළොස් විය කියන්නේ කුඩා කල තමයි.."

"ඔබ සමග නම් කතා කර පලක් නෑ... ඇයව හමුවෙන්න ගියාට කාරී නෑ. නමුත් ගැටළු ඇති කරගන්නවා එහෙම නොවෙයි.." මාමණ්ඩි බ්‍යුල් ට අවවාද කොට කුටියෙන් පිටතට ගිය විට බ්‍යුල් සුසුමක් හෙලා ආහාරය ගැනීමට පටන් ගත්තා.

.

.

.

.

How Can A Girl Be So Handsome (On hold)Where stories live. Discover now