යුජන්ග් පානය සංග්‍රහ කොට අනෙක් පස පනවා තිබූ ආසනයේ අසුන් ගත්තා ය. ඇගේ ඉදිරියේ අසුන් ගෙන සිටි සූයුන් පානය මදක් රස විඳින තුරු අවන්හල් කුටිය තුල පැවතියේ මද නිහැඬියාවක්.
"ඔබ මා හමු වීමට ආ කාරණය?" නිහැඬියාව බිඳ හෙලමින් යුජන්ග් විමසිය.
"ඔබ ඔබේ සොහොයුරිය සමග සමීප නැහැ නොවේද?" සූයුන් බඳුන මේසය මත තැබුවා ය.
"කවුරුද එසේ පැවසුවේ.. අපි සමීපයි.!" යුජන්ග් පැවසුවේ මුරණ්ඩු ලෙසයි.
"එසේ නම් ඔවුන් ගේ මුදල් අපහසු තා පිලිබඳ නොදන්නවා විය නොහැකියි නෙ." සූයුන් විමසුවේ තමා ඉදිරියේ සිටින තරුණිය වෙත තරඟකාරී බැල්මක් හෙලමින්.
"කුමන මුදල් අපහසුතාවක් ද?"
"ඔබ කෙදිනද පවසන්න අවසන් වතාවට ඔවුන් සමග එක්ව අහාර වේලක් ගත්තේ?"
"කුමක් ද!?"
"අවසන් වරට පියාව දුටු දිනය වත් මතකද?"
"නවත්වනවා!!" වේගයෙන් නැගී සිටි යුජන්ග් කේන්තියෙන් කෑ ගැසුවා ය.
.
.
.
.
බ්යුල් ආයුධ ගබඩාවේ කඩු, හෙලි, දුනු, ඊතල හා අනෙකුත් ආයුධ භාණ්ඩ නිසි තැන් වලින් තබා සියල්ල නිසි ලෙස පරික්ෂා කොට අවුරුදු 12ත් 20ත් අතර වියේ පසු වූ ශිෂ්‍ය යන්ගෙන් ද සමු ගෙන තම ගුරුතුමා ඉදිරියට ගොස් සිටගත්තා ය.
"මා පිටත් වනවා. පරිස්සමින් ඉන්න." යැයි පැවසූ බ්යුල් සැරසුනේ පිටවන්න. පිටිය ඉදිරිපිට මණ්ඩපයේ අසුනක වාඩි වී පිරිසිදු වාතය ම්ද්ජ් බුක්ති විඳිමින් සිටි මැදි වියේ පසු වන ගුරුවරයා සන්සුන් ලෙස තම දෑස් විවර කළේය.
"තවමත් හරි හමන් රැකියාවක් සොයා ගත්තේ නැතිද?" ඔහු සන්සුන් ව විමසුවේ ය.
"මට මේ ප්‍රමාණවත්!"
"විශ්වාස ද?" ගුරුතුමා නැවතත් විමසයි. " ජුන් උතුමාණන් එතුමාගේ දියණිය සඳහා ආරක්ෂකයෙක් සොයනවා. ඔබ මගේ දක්ෂ ශිෂ්‍යයෙක් වගේම තරුණියක් ද වන නිසා එතුමා කැමති වෙයි.
ජුන් උතුමාණන් ගැන සඳහන් කළ පමණින් බ්යුල් ගේ මුහුණේ පුදුමය, වේදනාව, අකමැත්ත වැනි හැඟීම් ගොන්නක් පෙන්නුම් කරන්නට වුණා.නමුත් ඉක්මනින් තම මුහුණේ හන්දීම් සාමාන්‍ය ලෙසට හරවා ගත් ඇය ස්ථිරවම, "සමාවෙන්න ගුරුතුමනි, මගේ උනන්දුවක් නෑ." යී පවසා පිටව ගියා ය.
YOU ARE READING
How Can A Girl Be So Handsome (On hold)
Historical Fiction"ඇය නම් බෙහෙවින්ම කඩවසම්.. තරුණයෙකුටත් වඩා.."