"පිටව යනු!"
"නමුත් උතුමාණෙනි?!"
"මා වරක් පැවසුවේ මෙතනින් පිටව යාමට කියා නොවේ ද?"
"කමා කරන්න උතුමාණෙනි"
සෙබළා කුටිය තුළින් පිටතට ගියේය. තමා ඉදිරියේ සිටින පුද්ගලයා කෙමෙන් කෙමෙන් තමා අසළට පැමිණෙන බවට නම්ජුන් හට වැටහුනි.
ඒ අනුව තමා ඉදිරියේ සිටින්නේ සියුස් දෙවියන්ගේ පුත්‍රයෙකු වන කිම් සෝක්ජින් නම් අර්ධ දෙවියා බව ඔහුට පසක් විය.
කුමක් කළ යුතුද ? කුමන ඉරණමක් තමාට අත් වේදැයි ඔහු නොදැන සිටියේය.
නමුත් තමා දැරූ මතවාදය මුසාවක් නොවන බවට ඔහු ප්රත්යක්ෂ ව සියල්ලන්ටම පහදා දීමට මැළි නොවෙති..
"ඔබ පවසන්නේ දෙවියන් පිළිබද විශ්වාසය නිශ්ඵල කටයුත්තක් බවද? නැතිනම්.. දේවවාදී අදහස් විවේචනය කිරීමට තරම් ඔබට ඇති අවශ්‍යතාවය කුමක්ද?"
එම දරදඩු සිරුරේ මීට සුළු මොහොතකට පෙර දුන් කස පහරේ පැල්ලම් හොදින් නිරූපනය වෙයි. වියළී නොගිය රුධිර ධාරාවක් ඒ සිරුරේ තේජමාන බව පෙන්වමින් ගලා යන අයුරු ඔහුට දිස්වෙයි.
වේදනාවට පැමිණෙන ඒ කෙදිරිය ඒජියන් මුහුදේ ගලා යන රළ පහරේ රිද්මය මතු කරන බව ඔහුට වැටහී ඇත. එසේම මුහුණෙහි අඩක් වැසුණු කේෂ කලාපය ඔහුගේ සුන්දරත්වය අර්ධ දෙවියා උමතු කරවීය..
සැබැවින්ම ඔහු උමතු විය...
"මු..මුසාවක්..නොවේ.. මා.. මා .. පැවසුවේ ස..සත්‍යයක්!"
"සත්‍යයක්? කුමක්ද ඔබ පවසන මුසාවක් නොවන සත්‍ය හ්ම්?"
"මා..මා වි..ශ්වාස කරනවා....
මෙලොව සියල්ල ක..ර්මය මත රදා පවතින බව! ""ඉතින්?"
"ඉතින්.. ඉ..තින් ඔබෙයි මගෙයි හමු වීමත් දෛවයේ සරදමක්"
______________________
#Aaith....
YOU ARE READING
ɪᴅᴇᴏʟᴏɢɪ́ᴀ - මතවාදය ✓
Historical Fictionමා විශ්වාස කරනවා.... මෙලොව සියල්ල කර්මය මත රදා පවතින බව! ඉතින්? "ඉතින්.. ඉතින් ඔබෙයි මගෙයි හමු වීමත් දෛවයේ සරදමක්" Sinhala Namjin ff My imagination <3 ©redit goes to @Aaith_m21 Start & End - 22/02