"හ්ම්"
ඔහු සිටියේ අර්ධ දෙවියා සමග අසුනක වාඩි වීය. මීට සුළු මොහොතකට පෙර සැකකාරයෙකු වූ නම්ජූන් කළ වරද මතවාදයක් ඉදිරිපත් කිරිමයි..
නමුත් සත්‍ය වශයෙන්ම ඔහු පැවසුවේ අසත්‍යයක් ද?
"පෙනෙනවාද.. සියල්ලන් බලා සිටින්නේ ඔබට දඩුවමක් ලබා දෙන තුරු?" වා කවුළුවෙන් පෙනෙන ජන ගංගාව දෙස බලා සෝක්ජින් මිමිණුවේය.
"හ්ම්.. නමුත් ඔබටවත් විශ්වාස නැතිද මා මුසාවක් නොපැවසූ බවට?"
නම්ජූන් අර්ධ දෙවියාගෙන් ඇසුවේ තම මතය පිළිබදව විශ්වාස කරන්න කවුරුන්හෝ සිටිදැයි දැනගැනීමට අවැසි බැවිනි.
නමුත්..
"ඔබ මට පැවසුවා හමු වීම පවා අහබුවක් කියා.. මා එය පිළිගන්නවා... ඔව්..කවදාවත් එක් වීමට වරම් නොමැති අපේ හමුවීමත් දෛවයේ සරදමක්!"
"ඉතින්.. ඔබ මා සමඟ උරණ නොවන්නේ ඇයි?"
"කුමක්ද?"
"ඔබ මා සමඟ උරණ විය යුතුයි. ඔබේ පියාණන්.. දේව මණ්ඩලයේ ප්‍රධානී සියුස් දෙවියන්ගේ ආධිපත්‍යය මා විවේචනය කළා. එවන් මොහොතක ඔබ මා විශ්වාස කරනවා ද?"
"......"
දේව මණ්ඩලයේ කුටිය වටා රැස්ව සිටි ජනතාව තව තවත් අරගල කළ මත්තෙන් ජින් අසුනෙන් නැගිට පිළිතුරක් නොදී එතනින් පිටව ගියේය.
ඔහු යන දෙස නම්ජුන් කම්පා වෙමින් බලා සිටියද ඔහුටද වැටහුණේ අර්ධ දෙවියා පැවසූ සමහරක් වදන් සත්‍ය බව...
"මා අවසන් විනිශ්චයක් ලබා දෙනවා.. නමුත් ඊට ප්‍රථම නම්ජූන් නම් සොෆිස්ට් වෙතින් ඔහුගේ මතවාදය පිළිබද පැහැදිලි අදහසක් ඉදිරිපත් කළ යුතුයි"
"එය කළ නොහැකියි"
"එය විනය විරෝධී ක්‍රියාවක්"
"මින් පෙර කවදාවත් මෙලෙස විනිශ්චයක් දේව මණ්ඩලයෙන් ලැබුනේ නෑ"
"සෝක්ජිනුත් සියුස් දෙවියන්ගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන හැඩයි"
"මෙය විය නොහැකි යි.."
"ඔහුට දඩුවමක් දිය යුතුයි"
දේව මණ්ඩලය ඉදිරිපිට කලහකාරී තත්වයක් උද්ගත විය. ගල් මුල් ප්‍රහාර නම්ජූන්ට යොමු වද්දී ඔහු දෙසට දිව ගිය අර්ධ දෙවියා ඔහුගේ විශාල පියාපතෙන් නම්ජූන් ආවරණය කර ගත්තේය...
"මා විශ්වාස කරනවා..
අපේ හමුවීම හිමිවීමකින් තොර දෛවයේ සරදමක් බව"
"ජී..ජීනි.. මැ.. මැණික?"
___________________
#Aaith...
YOU ARE READING
ɪᴅᴇᴏʟᴏɢɪ́ᴀ - මතවාදය ✓
Historical Fictionමා විශ්වාස කරනවා.... මෙලොව සියල්ල කර්මය මත රදා පවතින බව! ඉතින්? "ඉතින්.. ඉතින් ඔබෙයි මගෙයි හමු වීමත් දෛවයේ සරදමක්" Sinhala Namjin ff My imagination <3 ©redit goes to @Aaith_m21 Start & End - 22/02