ඒත් මන් හිතුව නැති දෙයක් උනේ..
වටපිටේ තිබුනටත් වඩා අදුරු වෙලා තදට හුලන් හමන්න ගත්තා..
මෙච්චර වෙලා පාඩුවේ හිටපු පරිසරේ හරි ඉක්මනට කැලබිලා ගියා..
මට ඒකෙන් තේරුනේ එක දෙයයි පරිසරෙත් කැමති නෑ මන් මගේ ආදරේ ප්රකාශ කරනවට..
ඉතින් මන් ආයේම බැම්මෙන් බහින්නයි හැදුවේ..
ඒත් එක පාරට හුලගෙ වේගේ වැඩි උන නිසා මගෙ බැලන්ස් එක නැති උනා.
මාව ගග පැත්තට බරවුනා...
ඒ එක්කම වහින්න ගත්ත නිසා මාව ගගටම වැටිලා ගියා...
මට ඇත්තටම උන දේ හිතාගන්න බෑ..
මට තේරුනේ එක දෙයයි එන්න එන්නම මාව ගග පතුලට ඇදිලා යනවා කියලා..
මට එක දිගට චිමීව මතක උනා..
පහලට යන්න යන්න මගේ හුස්ම හිරවෙන්න ගත්තා..
මන් අතපය ගැසුවත් ගගේ වතුර පාර එන්න එන්නම සැර උනා..
සමහරවිට වහින නිසා වෙන්නැති...
මන් අමාරුවෙන් හුස්ම ගන්න දගලන ගමන් වටපිට බැලුවා..
එතකොට මන් දැක්කේ කීයටවත් බලාපොරොත්තු උන රූපයක් නෙමේ..
"ඔම්මා...අප්පා...ඔයාලා..."
"ඔව් පැටියෝ...අපි තමයි"
"කෝ අපේ රෝස කැකුල "
ඔම්මගේ ලොකු බඩ ඒ වෙද්දි තිබුන්නැති නිසා මන් ඇහුවා..
"මගෙ පස්සෙන් එන්නකෝ මන් ඔයාට එයාව පෙන්නන්නම්.."
ඔම්මා වැව පතුලට යනගමන් කිව්වා.. මාත් ඔම්මා පස්සෙන් යට යටට ගියේ මගේ රෝස කැකුල බලන්න තිබුන ආසාව නිසයී.
ඒත් ඔම්මා අප්පා එක්ක කතා කරන වෙලේ වතුර පෙවුන නිසා මට වැඩි දුරක් යන්න උන්නෑ..
මට ඔම්මා පස්සෙ යන්න තව ශක්තිය නෑ..මන් ඒත් උපරිම උත්සාහා කලා..
ඒත් ඔම්මගෙ අප්පාගෙ ඡායාවල් නැතිවෙලා ගියේ
"අපි ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ පුතේ" කියලා
"නෑ යන්න එපා...ආයෙත් මාව දාලා යන්න එපා...ඇයි මට මෙහෙම කරන්නේ.."
මන් කෑගහලා අඩන ගමන් කිව්වා..
ඒ එක්කම මට ලොකු වතුර ප්රමානයක් එක පාර පෙවුනා...
මට තේරුනා මේ තමා මගේ අවසානේ කියලා..
මගෙ ඇස් ඉස්සරහින් ලස්සන සුදු ලේන්සුවක් පාවෙලා යනවා මන් දැක්කා..
"නෑ එපා...ඉන්න...ඕක විතරයි චිමීගේ දේකට මගේ ලග තිබුනේ..."
වැඩක් නෑ...ඒකත් ගියා...තවත් මන් ඉන්න එකේ තේරුමක් නෑ..
මේ වෙන්වීමම හිමි ජීවිතේ දාලා මමත් යනවා..
"මට ඊලග ආත්මෙවත් මගේ පවුල , මගේ ආදරේ නැතිවෙන එකක් නෑ කියලා මන් හිතනවා...මන් ඔයාට ගොඩක් ආදරෙයි චිමී..මන් ඊලග ආත්මේ එන්නම් ඔයා වෙනුවෙන්.."
මගෙන් ඈතට යන ලේන්සුව දිහා බලන් හිතපු මන් හුස්ම අතෑරලා ඇස් දෙක පියාගත්තා..
-----------------------------------------------------------------
ඔබ ගැන මතකේ..
හදවතේ තියන්..
මා මිය යන්නම්..
ආයෙත් ඉපදෙන්නම්..'ඔයා කිව්වා වගේ පරිස්සම්වෙන්න බැරි උනා ඒකට සමාවෙන්න..ඒත් මේක තමා සැනසීම'
-ටේගෙ අවසන් සිතිවිල්ල-
yoonhiii උයා කුතුහලෙන් ඉන්න නිසා අදම දුන්නා..🙂
YOU ARE READING
Songs of love... //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//
Short Story(completed) මගෙ සැනසීම..... මගෙ පවුල.... මගෙ චිමී... මන් ආදරෙයි ගොඩාක්.... මගේ චිමීට... මාත් ආදරෙයි...