Chapter 13

209 55 9
                                    

එදා රෑ චීමීට හොරෙන් මන් හොදටම ඇඩුව නිසා මට හොදටම උන ගත්තා..

සද්දෙ ඇහෙන නිසා ශවර් එක යට ඉදන්නේ ඇඩුවේ..☹️

චිමී දන්නේ රෑ දාඩියයි කියලා නාපු නිසා මට උන ගත්තා කියලා..

එයා මට පලු යන්න බැන්නා..එයා ඊයේ දවසම මගේ ලගින් හෙල උනේවත් නෑ...

අද උදෙන්ම මන් ටයිකෝට් ඇදලා ලෑස්ති උනේ චිමීව එයාර්පෝට් එකට ගෙනිහින් දැම්මට පස්සෙ මට කම්පැනි එකේ වැඩ බාරගන්න යන්න තීන නිසා..

"වාහ්..අදනම් ඔයාව කවුරු හරි කිඩ්නැප් කරයි වගේ 🤭"

"මාව කවුරු උස්සන් යන්නද චිමී.."

"අද ඔයාට කම්පැනි එකට ජොයින් වෙන්න තිබුන්නැත්තන් මන් ඔයාව උස්සන් ඇමරිකා යනවා😌"

"🥴🥴🥴"

මන් චිමීට ඇද කලා..

"මෝඩ වලහා.."

"යන් යන්... ඔයාට පරක්කුවෙයි.."

අද එයා මේ ගමන යන්නම ඕනි නිසා මන් කිව්වා..

අන්තිමට අපි කතාබහක් නැතුවම එයර්පෝට් එකට ආවා.

"ටේටේ, මේ මගේ ඔටෝ බුක් එක...මේකේ මොනාහරි ලියලා දෙන්න.."

එන්ට්‍රස් එකේදී චිමී කිව්වා..

මන් ඉතින් ටිකක්වෙලා කල්පනා කරලා ලියන්න ගත්තා..

මන් ලියලා ඉවර උනාට පස්සෙ කියෙව්වාම මට හිතුනා මන් කරන්න යන දේ වැරදී කියලා

ඉතින් මන් ඒ පිටුව දඩිබිඩිගාලා ඉරලා දාලා අතට ගුලිකරගත්තා..

"ඇයි ඒක ඉරුවේ.."

"සොරී...මට ඒක වැරදුනා"

'මිතුරෙකු වාගේ ආදරේ..
තවකෙකු දේදෝ සංසාරේ..
ලංවෙලා...හිත්හදනා...'

"තෑන්ක් යූ චිමී මගේ ජීවිතේට ආවට.."

                               මීට,ඔයාගේ ටේටේ

ඊට පස්සෙ මන් මේ ගී පද ටික ඒ කොලේ ලිව්වා..

"තෑන්ක් යූ ටේටේ.."

එයා මාව හග්කරන ගමන් කිව්වා..

"කම්පැනි එකේ වැඩ ඉවර උනගමන් ඔයා එහෙ එන්න ඕනි හරිද.."

"බලමු.."

"යාහ් ඔයානම්...මට පුලුවන් උනොත් මන් අනිවාරෙන් ආයේ එනවා..එතකල් පරිස්සමෙන් ඉන්න.."

"🙂🙂🙂"

"මන් ඔයාට නිතරම කෝල් ගන්නම් ටේටේ"

"හරි චිමී පරිස්සමෙන් යන්න..හරබොජිව ඉක්මන්ට සනීප කරගන්න.."

මාත් එයාව හග් කරලා සමුදුන්නා..එයා පිටිපස්ස බල බල ඇතුලට ගියා..

එයා ටිකක් දුර ගියාට පස්සේ මන් අතෙ ගුලිකරන් හිටපු කොලේ දිගෑරලා බලලා  එතන ඩස්බින් එකට කොලේ දැම්මා..

"හ්ම්ම්...එයත් ගියා එහෙනම්.."

මන් ගිහින් මගේ කාර් එකට නැග්ගා..

"කම්පැනි එකට නේද සර්.."

"නෑ.. හන් ගග ගාවට.."

තව වෙලාව තීන නිසා මන් කිව්වා..

ඇත්තටම මට මේ වෙලාවේ ඕනී උනේ මගේ හිත හදාගන්න

---------------------------------------------------------------

මා නුඹට පෙම්කලේ..
නෑ නුඹට තේරුනේ..
වෙන්වී ගියත් ඔයා...
තාමත් මගේ ජීවිතේ...

                                        jimin's auto book

'මන් ලියලා ඉරලා දාපු කොලේ..."

ඔයා හිතසතුටින් යන ගමනට හරස් කපන්න ඕනි නෑ චිමී...

                                             Teas' dairy

Songs of love... //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//حيث تعيش القصص. اكتشف الآن