Chapter 14

223 53 6
                                    

එයාර්පෝට් එකේ ඉදන් හන්ගග ලගට එද්දි මුලු පරිසරයම මූසල පෙනුමක් අරන් තිබුනා..

මගෙ දුක පරිසරේට තේරිලාද කියලාත් මට හිතුනා..එයත් නිකන් අඩන්න වගේ තමා වෙනස් වෙලා තිබුනේ..

අහස කලුකරලා මහා අමුතුම පෙනුමක් අරන් තිබුනේ හොදකටද නරකකටද කියලා මට තේරුනේ නෑ..

මේ වෙද්දිනම් චිමී ෆ්ලයිට් එකේ වාඩීවෙලා ඇති නේද කියලත් මට හිතුනා..

මන් වෙලාව බැලුවම දැක්කේ 8.15 කියලා.අටමාරට චිමීගේ ෆලයිට් එක මෙහෙන් පිටත් වෙනවා.

"හ්ම්ම්..."

මන් බරම බර සුසුමක් පිටකලා.මට දැනෙන දුක මෙච්චරයි කියලා මට වචන වලට පෙරලගන්න බෑ..

හමූවීම් වෙන්වීම් එක්ක මේ ගෙවෙන ජීවිතේ ඇත්තටම බරක්...

කාර් එක හන් රිවර්පාර්ක් එක ලග නතර කරාම මන් ඒකෙන් බැහැලා හෙමීට අඩි තියලා මන් වෙනදා ඉන්න තැනට ගියා.

මන් හන්ගග අයිනේ බැම්ම උඩ ඩයරි එක තියාගෙන චිමී මගේ ජීවිතේට ආපු දවසේ ඉදන් සිද්ද උන විශේෂ දේවල් එකින් එක කියවන්න ගත්තා..

ඒ ලියලා තීන දේවල් එක්ක අපේ සොදුරු අතීතයම මගේ ඇස් ඉස්සරහා මැවෙද්දී මන් හන්ගන් ඉදපු කදුලු කම්මුල් දිගේ ගලන් ගියා

අන්තිම හරිය කියවද්දිනම් මට මහ පරාජිත හැගීමකුත් ආවා..

මොකද මන් චිමීට කොච්චර ආදරේ කරත් ඒ ආදරේ අකුරු කරත් මට බැරි උනානේ මගෙ ආදරේ වචන කරන්න..

මට දුකයි ගොඩක් දුකයි..මට කෑගලා අඩලා කියන්න ඕනී මන් චිමීට ගොඩාක් ආදරෙයි කියලා...

ඔව් මට හයියෙන් කෑගහලා කියන්න ඕනි මන් එයාට කොච්චර ආදරෙයිද කියලා..

දැන් කිව්වට චිමීට ඇහෙන්නැති නිසා මටවත් එයාටවත් ප්‍රශ්නයක් වෙන්නෑනේ..

මන් මට දැනෙන දේ අකුරුකරලා පොතේ සටහන් කලා

ඊට පස්සේ පොත එතන බැම්ම උඩ පෑනත් එක්කම තියලා බැම්ම උඩට නැග්ගේ මගේ හැගීම් වචන වලට පෙරලන්න හිතන්...

ඒත් උනේ මන් කීයටවත් හිතපු දෙයක් නෙමේ..

--------------------------------------------------------------

රිදුමත් මන් තනිවම විදිමින්..
නුඹ මත්තෙම හිත හිත තැවෙමින්...
සිහිකරමින් මනසින් වැටෙමින්..
සිහිනෙක මා තනිවෙලා...

  'මට ඔයාව ඕනී....මට ආයේ තනිවෙන්න බෑ'

                                           Taes' dairy

ඔයා ගියාම පාලුව තනිකම මාව වෙලාගයි චිමී...

Songs of love... //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Место, где живут истории. Откройте их для себя