Chapter 01

425 43 6
                                    

Author's Pov

හ්‍යුන්ග්..

කුකී

හැමදාම මෙහෙම ඉන්නද කල්පනාව.. ඉස්සරහට යන්න ඕනම නැද්ද

කුකී... අපි හැමදාම හීන දැක්කේ එකට අත් අල්ලන් මං එයා එක්කම ඉස්සරහට යන්න ඉතින් කොහොමද එයා නැතුව මං තනියම යන්නේ.. කෝ මට හයියක් එයා නැතුව අපි දැකපු හීනවලට තනියම යන්න හයියක්.. අනික එයා මට පොරොන්දු වුණා ආයෙත් එනවා කියලා..

ඒත් හ්‍යුන්ග් දැන් අවුරුදු හතරක්.. එයා ඉස්සරහට යද්දී ඔයා තාමත් එක තැනකට වෙලා ඇයි මේ...

කුකී ඔයා දන්නවාද එයා කවදාවත් පොරොන්දු කඩ කරන්නේ නෑ කියලා.. ඉතින් එයා ආයෙත් එනවා කියලා පොරොන්දු වෙලා ගියපු නිසා මට පුළුවන් බලන් ඉන්න එයා එනකන්... අවුරුදු හතරක් කියන්නේ ලොකු කාලයක් තමා.. ඒත් මුළු ජීවිත කාලෙම හරි එයා වෙනුවෙන් මට බලන් ඉන්න පුළුවන්...

කුකී බලන් හිටියේ හරි ලස්සනට හිනා වෙලා උත්තර දෙන තමන්ගේ හ්‍යුන්ග් දිහා.. කොච්චර හිනා වෙලා හිටියත් ඒ ඇස්වල තියෙන වේදනාව දිහා කුකී බලන් හිටියේ එයාගෙ ඇස්වලට එන කඳුළු ඇස් ඇතුලෙම හිර කරගෙන...

හ්ම්ම්ම්.. හ්‍යුන්ග් මං කෝල් එකක් අරන් එන්නම්

හරි කුකී

කුකී එහෙම නැත්නම් Jeon Jungkook එතනින් ගියේ කෝල් එකක් ගන්න තිබුණු වුවමනාවටත් වඩා එයාගෙ කඳුළු හ්‍යුන්ග්ගෙන් හන්ගන්න ඕන නිසයි...

Park Hoseok එහෙම නැත්නම් හොබී කියන්නේ කුකීගෙ ඔප්පගෙ හොඳම යාළුවා..

📲📲📲

හෙලෝ

📲 එයා මොකද කියන්නේ

හොබී හ්‍යුන්ග් තාමත් බලන් ඉන්නේ එයා එනකන්.. තව කොච්චර කල් බලන් ඉන්නද හ්‍යුන්ග්.. ඇයි තාමත් එයාට එන්න බැරි

📲 හ්ම්ම්ම් කාලය තමා හැමදේටම තියෙන විසඳුම කුකී.. හැමදේම හොඳ විදියට විසඳෙයි..

හ්ම්ම්ම්

📲 අද පාටි එකක් තියෙනවා.. හොබීවත් කොහොම හරි එක්කන් එන්න  අනිවාර්යයෙන්..

අයිශ් හොබී හ්‍යුන්ග් පාටිවලට එන්න කැමති නෑ කියලා දන්නවනේ ජුනී හ්‍යුන්ග් ඔයා

Sope Short Story  ( Complete )Where stories live. Discover now