එකපාරටම මුළු සාලෙම එලිය වුණේ සරසලා තිබුණු මල් වැල් බල්බ් වැල් නිසයි..අහ්...
හොබී ශොක් වුණේ එකපාරටම මෙහෙම දෙයක් වුණේ ඇයි කියලා හිතට ආවෙ නැති නිසාජිමිනාහ්හ්හ්.. කුකී... ටේ ටේ.. විකාර කරන්න ලෑස්ති වෙන්න එපා.. හොබී ටිකක් සද්දෙන් එහෙම කියලා කොහොම හරි උඩට යනවා කියලා හිතාගෙන අඩිය තිබ්බත් එතකොටම වගේ ආයෙත් සාලෙම එලිය වුණේ හොබී ශේප් එකේ වටපිට බලද්දී... එහෙම්ම අනික් පැත්ත හැරුණ හොබී තවත් ශොක් වුණේ ළඟ හිටපු කෙනා දැකලා
යු...න්..ගි...
ඔව් එතන හිටියේ හොබී ආදරේ කරන එයාගේ යුන්ගි හ්යුන්ග්අනික් කොල්ලෝ ටිකත් එයාල වටේට හිටියේ කාලෙකින් කට්ටිය හැමෝම ඉන්නවා වගේම වෙන විශේෂ වැඩකට
Hobi's Pov
කරන්ට් එක ආයෙත් ආවත් උඩට යන්න බෑ කියලා හිතුණ නිසා මං ආයෙත් අනික් පැත්ත හැරුණත් මං එහෙම්ම නැවතුණේ මං ඉස්සරහ හිටපු කෙනා දැකලා
යු..න්..ගි...
ඔව් එතන හිටියේ යුන්ගි හ්‍යුන්ග්.... නිකන් නෙවෙයි මං ඉස්සරහ එක දණහිසක් බිම තියලා රින්ග් එකකුත් මං දිහාට තියාගෙනයි එයා හිටියේ...
බේබ්...
යුන්ගි කියන්න ගියපු එක අහන්නේ නැතුවම මං එතනින් ආවේ මට මුකුත් අහන්න ඕන නැති නිසා.. අවුරුදු හතරක් මං විඳෙව්වත් එයා ඒ කිසිම දෙයක් ගාණක් නැතුව එකපාරටම මෙහෙම ඇවිත් ඉද්දි සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා මට හිතාගන්න බැරි වුණා
Author's Pov
බලාපොරොත්තු නොවුණු රියැක්ෂන් එකක් හොබීගෙන් ලැබෙද්දී යුන්ගි විතරක් නෙවෙයි මෙයාලා දිහා බලන් හිටපු අනික් අයත් පුදුම වුණා
විනාඩියක් විතර ශොක් වෙලා වගේ හිටපු යුන්ගි එකපාරටම හිටපු තැනින් නැගිටලා එලියට දිව්වේ හොබී කොහෙද ගියේ කියලා බලන්න..
ඒත් එලියට ඇවිත් බැලුවත් හොබී පේන්නේ නැති වෙද්දී කොල්ලගේ හිත කලබල වුණේ හොබී කොහෙ යන්න ඇතිද කියලා...