දවස් ගෙවිලා ගියා.
ලීසා දැං යුනිවර්සිටි යන්නෙ හරිම ආසාවෙන්. වෙන හේතුවක් නිසා නෙවෙයි. දැං එයාට හැමදේම කතා කරන්න අලුත් කෙනෙක් ඉන්නවා..එදා අහම්බෙන් මුණ ගැහුන දෙන්නා එදායින් පස්සේ හැමදාම වගේ වෙලාවක් වෙන් කරගෙන කතා කරන්න පුරුදු වුනා.
විශේෂයෙන්ම ලීසා, ජීනී දෙන්නා වචනෙන් නොකීවාට ඒ දෙන්නාට එකිනෙකා ගැන විශේෂ හැගීමක් තියෙන බව දෙන්නටම හොඳින් තේරුම් යන්න අරගෙනයි තිබුනෙ.
අදත් ඒ වගේ සාමාන්‍ය දවසක්.
පෙරේදා රෝස් ඔෆිස් එකේ වැටිලා එයාගෙ අතක් හොඳටම හීරිලයි තිබ්බෙ. ඉතින් ටිකක් වෙලා රොස්ට ඒම්ම නිදා ගන්න දුන්න ලීසා රෝස් නැගිටින්න කලින් ම ඇදෙන් නැගිටලා ආවා..
" ඩිං ඩෝං ඩිං ඩෝං"
එක පාරටම රෝස්ගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.
ඇදෙන් බැහැලා යන ගමන් හිටිය ලීසා නිකමට වගේ ෆෝන් එක ගාවට ගියා.මැසේජ් එක තිබුනෙ කම්පැනි එකේ මොකක් හරි දෙයක්.
ඒත් වොල් පේපර් එක.......ඒකෙ හිටියේ කොල්ලෙක්. ඔව්.. ශර්ට්ලස් කොල්ලෙක් තමයි රෝස් ගෙ ෆෝන් එකේ වෝල්පේපර් එකේ හිටියේ..
නිකමට තමන්ගෙ ෆෝන් එක ඔන් කරලා ඒකෙ වෝල්පේපර් එකේ තියෙන තමන්ගෙත් රොස්ගෙත් ෆොටෝ එක දිහා මොහොතක් බලං හිටිය ලීසා කාමරෙන් එලියට ගියා.
හිතේ ඇති උන පුංචි දුකටත් එක්ක වචනයක් වත් කතා නොකර ඉක්මනට ලෑස්ති උන ලීසා පොඩි නොට් එකක් තියලා තමන්ගෙ කාර් එකේ යුනිවර්සිටි එකට ආවා..
.
.
.
.
.
.
.
.
." ඔන්නී........." ඔෆිස් එකට යන පාර ගාවදි ජිනී දුවගෙන ආවෙ ගොඩක් වෙලා ලීසා එනකං බලං හිටියා වගෙයි.
ඒත් ලීසා අද හිටියේ ඒ තරං සතුටින් නෙවෙයි නිසා එයා මවාගත්ත හිනාවකින් ජිනීට සංග්‍රහ කලා.
" ඔන්නි ප්‍රශ්නෙකද. " ජීනී ඉක්මනින්ම ලීසාගෙ වෙනස අදුර ගත්තා...
" අනී... ඒම දෙයක් නෑ.... එන්නකෝ....." ලීසා ජිනීව එක්කගෙන එතන තිබුන පාක් එක වගේ තැනට ඇවිදන් ආවා...
" අහන්නකෝ ජිනී..... මං දෙයක් අහන්නද...... ඔයා ආදරේ කරන කෙනා වෙන ගෑනු ළමයින්ට ආසයි කියලා දැන ගත්තොත් ඔයාට දුක හිනෙන්නැද්ද "
ලිසා බිම බලං අහද්දි ජිනී එක පාරටම ලීසා දිහා බැලුවා.." මට ඒම කෙනෙක් නෑ ඔන්නි.... මට පිරිමි ළමයින්ව විශ්වාස කරන්න බයයි.."
ජිනී බිම බලන ගමන් කීවා..ලීසා ජිනීට මේ වෙනකොට හැමදේම කියලා තිබ්බා. එයා ස්ටේට් කෙල්ලෙක් නෙවෙයි වගේම එයා එයාගෙ පෙම්වතිය එක්ක ජීවත් වෙන බවත්.
.
.
.එදා ජිනී පොඩ්ඩක් වත් පුදුම උනේ නෑ.. එයා සාවදානයෙන් ලීසාගෙ කතාව අහං හිටියා...
ලීසාට සතුටු හිතුනා ජිනී ට ඒක කිව්ව එක ගැන.
ඒත් ලීසා දන්නැති දෙයක් ඊට පස්සේ උනා.
කොලේජ් ඇරිලා ගෙදර යන්න පිටත් උන ජිනී එදා ගෙදර ගියේ නෑ. කෙලින්ම ක්ලබ් එකකට ගිහින් සෑහෙන්න බිව්වා.. එකක් සතුටට.. අනික දුකට...ජීනී කොලේජ් එකට ආපුම දවසෙ එයාලව ක්ලාස් එකට එක්ක ගෙන ගිය ලෙක්චර්ට එවෙලෙම එයාගෙ හිත ගියා.
එයාගෙ විතරක් නෙවෙයි. එතන හිටිය ගෑනු ළමයි පිරිමි ළමයි භේදයක් නැතිව හැමෝම ඒ ලෙක්චර් ගෙ ලස්සන ගැන කතා කරන්න ගත්තා... ජිනී හිතුවෙ ඒක නිකම්ම ආකර්ෂණයක් වෙයි කියලයි. ඒත් කල් යන්න යන්න එයාට තේරුනා එයා ඒ ලෙක්චර්ට ආදරේ කරන බව.
එයා වෙන කවුරුවත් නෙවෙයි. ඒ ලිසා...
.
.
.
.
.
.
.
.
.
.💗✨To be continued ~~

YOU ARE READING
Fated to Love You [Jenlisa]GL (Complete)
FanfictionJenlisa [GL ] sinhala fan fiction. තහනම් ආදරයක පැටලුන ආදරණීය පෙම්වතියන්. - GL - 18+ or 21 + Making love parts are included - not a high school story. - Short Chapters - lisa - top, jinne - bottom If you uncomfortable with, please don't bothere...