උදේ නැගිට්ට ලීසා නිදි ගැට කඩමින් ඇදෙන් නැගිටලා බලනකොටයි දැක්කෙ වෙලා තියෙන දේ...
මොහොතකට බය වෙලා වෙව්ලන්න ගත්ත ලීසා ඊට පස්සේ දැක්ක දෙයින් තවත් ගැහෙන්න ගත්තා...ලේ පැල්ලමක්........
ඔව්.. බෙඩ්ශිට් එකේ තිබ්බ ලේ පැල්ලම දැක්කම ලීසා කෙලින්ම බැලුවෙ ජිනී දිහා..
" ඒ කියන්නෙ ඔයා වර්ජින්......... අනේ මට සමාවෙන්න මැනික.........." ලීසා ඒම කියලා ආයේම ජිනී ගාවට ගිහින් දෙපාරක් නොහිතා එයාව බදා ගත්තා..
ලීසාගෙ උණු කදුළු වලින් තමන්ගෙ කම්මුල් තෙමෙන්න ගද්දි ජිනිත් ඇස් ඇරලා බැලුවා.." ඔන්... නී... ඇයි... ඇයි ඉතින් අඬන්නෙ..." ජිනී ඇස් දෙක ලොකු කරං ලීසා දිහා බලාගෙන ඇහුව..
ටිකකින් එයාට තේරුනා ලීසා අඩන්නෙ ඇයි කියලා....
" අහන්නකෝ.... ඒක තියෙන්නෙ තමන් ආදරේ කරන කෙනාට දෙන්න නම්.. ඔව්... එ ඔයා..... ඔයා අඬන්න ඕන නෑ ඔන්නි... මං ඔයාගෙ...... අද ඉදං මම හැමදේකින්ම ඔයාගෙ..... " ජිනී හිමින් ලීසාගෙ කම්මුල් දෙපැත්තෙන් අල්ලගෙන කීව්වා..
ලීසා ආයේම ජිනීව තමන්ගෙ පපුවට තුරුලු කරගෙන ඒ කොන්ඩෙ අතරින් ඇගිලි අරං ගියා.
" දන්නවද... මං ඔයාව මුලින්ම දැක්කම මට මතක් උනේ මගේ පලවෙනි ම ආදරේ.... ඒක නැති වෙලා අවුරුදු ගානක්.... ඊට පස්සේ මම ගොඩක් වෙනස් උනා...... ඒත් ඔයා....... ඔයාව දැක්කම මට... මට ආයේම සතුටක් දැනුනා.......... මං.. මං හෙව්ව කෙනා.... ඒ ඔයා..... ඔව්... ඔයා මගේ පණ ජීන්........ " ලිසා ජිනීගෙ හිස මුදුන සිපගෙන කිව්වා..
.
.
.
.
.
.
.
.
.
.ලීසා ජිනීව බාත්රෑම් එකට ඇරලවලා පහලට ගියේ අද විශේෂ දෙයක් කරන්න හිතාගෙන... පහලට ගිහින් පුංචි කෑමක් හදන්න ගත්ත ලීසා ෆිජ් එකෙන් එලවලු අරං පුංචියට කපන්න පටං ගත්තා..
ඔය අතර ඉනටත් අත තියං පුංචි ගවුමක් ඇදං කකුල් දෙකත් බකල් ගගහා ජීනී පඩිපෙලේන් බැහැගෙන ආවා.
" ආ... බබා... මං කීවා..... ආආ......" ලීසා ඒ පැත්තට අවදානෙ දුන්න නිසා හදිස්සියෙම එයාගෙ ඇගිල්ල පිහියට කැපිලා ගියා..
" ඔන්නි......" ජිනී අමාරුවෙන් හරි ඉක්මනට එතනට දුවගෙන ඇවිත් ඒ ඇඟිල්ල අරං කටට දා ගත්තා..
" රිදෙනවද...." ජිනී ඇඟිල්ල කටින් ගන්න ගමන් ඇහුවා..
ලීසාගෙ කොලම් කියන්නෙ මෙච්චර වෙලා කෑ ගැහුව කෙල්ල ඒ ක්ශනයෙන් ජිනීගෙ බඳ වටේට අත් දාලා ජිනීට තුරුලු වෙන්න ගත්තා.
" ම්... කලින් නම් රිදුනා... දැං නෑ...." ලීසා තොල් කනපිට හරවං ජිනීට තුරුලු වෙලා කිව්වා..
" කො ඉන්න... මොනාද ඔයා හදන්නෙ....." ජිනී ලීසාගෙ අත් අහක් කරන ගමන් ලීසා කප කප හිටිය දේවල් ගාවට ගියා..
" නෑනෑ.. අද මමයි හදන්නෙ...මැනික යන්න. ගිහින් ඉඳ ගන්න....... ඕන නං පේන්කිලර්ස් මොනා හරි ගේන්නද..... "
ලීසා ඇහද්දි ජිනී ඉන අල්ලං හා කියලා ඔලුව වැනුවා..
.
.
.
.
.
.
.
." ඔය ඉතිං..... ඕකනෙ......... මං කිව්වනෙ... මං හදන්නම්......", ලීසා උඩ තට්ටුවට ගිය ටිකට එයා ටැබ් එකේ දාලා තිබ්බ රෙසිපි එක බලං කෑම ටික ලෑස්ති කරන ජිනී දිහා මවාගත්ත සැර මුණකින් බලං ලීසා ඒම කිව්වා..
ඒත් ජිනීට නං ගානක් නෑ. දිව දික් කරලා ලීසාට හිනා උන ජිනී ආයේම තමන්ගෙ වැඩේට අවදානෙ දුන්නා.
ලීසා පැනලා ජිනීගෙ පිටිපස්සෙන් එයාව බදා ගත්තා..
" ඔයා මහ දඟ වයිෆ් කෙනෙක්...." ලීසා ජිනීගෙ කම්මුලක් අදින ගමන් ඒම කිව්වා..." ජින්... ඔයා මා එක්ක හැමදාම ඉන්නව නේද..." ලීසා ජිනීගෙ උරහිස උඩින් මුණ තියං හිමින් ඇහුව..
ඒක ඇහුනම ජිනී කර කර හිටිය වැඩේ නතර කලා.
" මං.... මං ඔයාට විතරයි හැමදාම ආදරේ කලේ ඔන්නි.... මං හැමදාමත් ඔයා එක්ක තමයි...... අපි ඉස්සරහට එන විදිහට මුණ දෙමු... ඒත් හැමදාම එකට.... " ජිනී ලීසාගෙ පැත්ත හැරිලා ඒ කම්මුල් අල්ලගෙන කිව්වා...ඊට පස්සේ දෙන්නා එකිනෙකාගෙ තොල් ආදරෙන් සිප ගන්න පටං ගත්තෙ ඒ ආදරේ දෙන්නටම දැනෙන්න ඉඩ දීලයි..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

YOU ARE READING
Fated to Love You [Jenlisa]GL (Complete)
FanfictionJenlisa [GL ] sinhala fan fiction. තහනම් ආදරයක පැටලුන ආදරණීය පෙම්වතියන්. - GL - 18+ or 21 + Making love parts are included - not a high school story. - Short Chapters - lisa - top, jinne - bottom If you uncomfortable with, please don't bothere...