09

2.1K 243 2
                                    

" ජිනී... එනවද අද මම ශොපින් යනවා... ඔයාටත් මොනා හරි ගමු..." ලීසා යුනිවර්සිටි ඇරිලා ගෙදර යන්න කාර් එකට නැග්ග ජිනීගෙන් ඇහුව..

ජිනීත් හා කියලා ඔලුව වැනුව නිසා දෙන්නා කෙලින්ම ආවෙ ෂොපින් මෝල් එකකට.
මුලින්ම අයිස්ක්‍රීම් දෙකකුත් අරං ඒකත් කකා ශොප් ගනනාවකට ඇවිදං ගිය දෙන්නා ටිකක් වෙලා යනකොට සෑහෙන්න ක්ලොස් උනා..

" ආ..... අරකට....." ජිනී ලීසාගෙ අතෙනුත් ඇද ගෙන එක එක ශොප් වලට දුවනවා... ජීනී මෝල් එක පුරාම උඩ පැන පැන දුවන හැටි ලීසා ඈතට වෙලා බලං හිටියේ හරිම සතුටින්.

කාලෙකට පස්සෙ ලීසාට වගේම ජිනීටත් හරිම නිදහසක් දැනුනා.. ජිනීට පුංචිම බෑග් එකක්වත් උස්සගෙන යන්න ඉඩ නොදුන්න ලීසා ඔක්කොම අරගෙන ජිනී පස්සේ ගියා..

දෙන්නම හිනා උනා.... ජිනී පුංචි ලමයෙක් වගේ.. එයාගෙ ඇත්තම ස්වරූපය ලීසාට තේරුම් ගියා..
අන්තිමට දෙන්නම ආවෙ රෙස්ටුරන්ට් එකකට..

" ම්..... අද නං නියමයි....." ජිනී කවදාවත් නැතිව අත් දෙකත් උස්සලා හයියෙන් කිව්වා.. ලීසාගෙ ඇස් ලොකු උනේ මෙයා පොඩි ලමයෙක් වගේ හැසිරෙන විදිය දැක්කමයි.

" ආ.. සොරී.. ඔන්.. නි.." ලීසා හිනා වෙලා තමන් දිහා බලං ඉන්න හැටි දැක්කම ජිනී සංසුන් වෙලා ඒම කිව්වා..

ඒත් උනේ හිතුව නැති දෙයක්.
ලීසා ඉදං හිටිය පුටුවෙන් නැගිටලා ජිනී ගෙ පුටුව පිටිපස්සට ඇවිත් හිට ගත්තා..

ජිනී ගෙ බෙල්ල වටේට අත් දැම්ම ලීසා එයාගෙ උරහිසට පාත් උනා

" ඔයා හරිම දග ලමයෙක් වගේ..... ඇයි ඒක හංගගෙන ඉන්නෙ... දන්නවද... මං ආසම ඒ වගේ අයට..." ලීසා ඒම කියලා තව ටිකක් මූණ ජිනීගෙ කනට ලං කලා.

ඒ එක්කම වේටර් කාමරේට ආවා.

" ඔ.. සොරී..... මං..." වේටර් ආයේම හැරෙන ගමන් ඒම කිව්වෙ එයා ආවෙ වැරදි වෙලාවකද කියල හිතන ගමන්.

ඒත් ලීසා හිනා වෙලා ගිහින් ආයේම පුටුවෙන් ඉද ගත්ත නිසා කෑම ටික ඉක්මනට මේසෙන් තියලා වේටර් බෝයි දුවලා ගියා..

කෑම කන අතරෙදිත් ලීසා කම්මුලට අත තියං ජිනී දිහා බලං හිටියා.. එයාට ජිනී දිහා බලං ඉද්දි සතුටක් දැනුනා..

ජිනීට එක පාරටම කෑම හිර උන පාර ලීසා දුවලා ඇවිත් වතුර එක අරං එයාට පොවන්න ගත්තා... හිමින් වතුර ටිකක් බිව්වට පස්සේ ලීසා ජිනීගෙ ඔලුව හිමින් අත ගාලා හිස් මුදුනට හාදුවක් තිබ්බා.

ලීසාට තමන් කල දේ ගැන ලොකුවට මුකුත් හිතුනෙ නෑ. එයා හිටියේ අද  දවස ගැන  සෑහෙන්න සතුටින්.

අද ලැබුන අද්දැකීම් එයාට කවදාවත්ම රෝස් එක්ක අත්විදින්න ලැබිලා නෑ. රෝස් හරිම ඉන්ඩිපෙන්ඩන් කෙනෙක්. ශොපිං ආවත් අවශ්‍ය දේ ගත්තා. ගියා.

ඒත් ජිනී කියන්නෙ රෝස්ට හාත්පසින්ම වෙනස් කෙනෙක්. හැමවෙලාවෙම ලීසාව බිසී කරන හැමවෙලේම අටෙන්ශන් එක අවශ්‍ය කෙනෙක්.

ලීසා ඒ වගේ අයට ඉස්සර ඉදලම ගොඩක් ආස කලා.

ඒත් ජිනීට ඒක ලොකු ෂොක් එකක් උනා.. එයා හිතං හිටියේ එයාගෙ දඟකාර කම් ලීසාට එපා වේවී කියලයි. ඒත් එයා ඒ මුකුත් පෙන්නන්නැතිව ඉන්න හිතා ගත්තේ ඒම කලොත් ලීසා එයාගෙන් ඈත් වෙයී කියලයි.

.
.
.
.
.
.

එදා හවස දෙන්නම ගොඩක් සතුටින් ගෙදර යන්න පිටත් උනත් මගදි දැක්ක දේ නිසා ලීසා ගොඩක් වෙනස් වෙන්න ගත්තා..

.
.
.
.
.
.
.

ජිනීගෙ ගේ ගාවට ආව කාර් එක ගේට් එකෙන් ඇතුලට දැම්මම ජිනීත් මුකුත් නොකියා වෙන දේ බලාගෙන හිටියා.

ජිනී කාර් එකෙන් බැහැලා ගේ ඇතුලට යන්න හැදුවත් ලීසා එයාව නතර කලා..

" මං ආවට කමක් නැද්ද ජීන්...." ලීසා අසරණ විදියට අහනකොට ජිනී ඔලුව වැනුවෙ ඒම හිතන්නවත් එපා කියලා කියන්නයි.

එයා බැහැලා ඇවිත් ලීසාවත් එක්කගෙන ගේ ඇතුලට ආවා..
.
.
.
.
.
.
.
.
.

ලීසා හිටියේ ඇඳ උඩට වෙලා ඉදගෙන... මුලින්ම වොශ් එකක් දාගත්ත ලීසා පොඩි ශෝට් එකක් එක්ක තුනී ශර්ට් එකක් ඇදගෙනයී.

එක පාරටම වොශාරෑම් එකේ දොර ඇරෙද්දි ලීසාගෙ ඇස් ඒ දිහාවට යොමු උනා.

.
.
.
.
.
.
.
.
.

Fated to Love You [Jenlisa]GL (Complete) Où les histoires vivent. Découvrez maintenant