එදා හවස යුනි ඉවර වෙලා ලීසා එනකං සෑහෙන්න වෙලා බලං හිටිය ජිනී ටිකක් බය වෙලා ලීසාට කෝල් එකකුත් ගත්තා..
දෙතුන් පාරක් ගත්තත් කෝල් එක උස්සන්නැති වෙනකොට ස්ටාෆ් රෑම් එකට ගිය එයා එතනත් ලීසාව හෙව්වා..
සෑහෙන්න වෙලා යුනිවර්සිටි එකේ හිටිය ජිනී අන්තිමට පීටර්ට එන්න කියලා ගෙදර ගියා...
ගෙදරත් ලිසා නෑ... එවෙලේ ආයේම ෆොන් එක ගන්න කොට තමයි දැක්කෙ ලීසාගෙන් එයාට මැසේජ් එකක් තියෙනවා." මං හොඳින්. පොඩි වැඩක් තියෙනවා.. රෑට එන්නම්..."
මැසේජ් එකේ තිබ්බෙ ඒමයි.. හොඳින් කියන එක දැක්කමයි ජිනීට හුස්ම ගන්න මතක් උනේ..
ඔහේ ගෙදර වැඩ කර කර යුනි එකේ තිබ්බ අසයිමන්ට් එකක් කර කර හිටිය ජිනීට දන්නෙම නැතිව නින්ද ගියා.
එයා ඇහැරියේ ගේට් එක ඇරෙන සද්දෙටයි...
වෙලාව අටයි කියලා දැක්ක ජිනී ඉක්මනට පහලට දිව්වෙ ඒ ලීසා වෙන්න ඇති කියලයි.
ඒත් ඒ හිටියේ ලීසා තමයි. ඒත් හොඳ සිහියෙන් නම් නෙවෙයි... ලීසා කාර් එකෙන් බැස්සෙ හොඳටම වැනි වැනී....
.
.
.
.
.
.
.
.
.
.
.යුනි එකේ අන්තිමට තිබ්බ ලෙක්චර් එකට යන්නවත් ලීසාට මුඩ් එකක් තිබ්බෙ නෑ. අන්තිමට ලීව් එකක් දාලා කෙලින්ම රෝස්ගෙ ගෙදර ගිය ලීසා තමන්ගෙ කියලා කියන්න පුළුවන් ඔක්කොම බෑග් එකකට දා ගත්තා.
ඔක්කොම අරගෙන රෝස් අරං දුන්න හැමදේම ඇඳ උඩින් තිබ්බ ලීසා කාමරෙන් යන්න හදනකොට දැක්ක දෙයින් ආපහු හැරිලා බැලුවා...
ඉක්මනට එතනට ගිය ලීසා ඒක අතට ගත්තා.... ඒක නේම් ටැග් එකක්... ඒකෙ ගහලා තිබ්බෙ ජිනී කියලා...
ටිකක් වෙලා පුදුමෙන් බලාගෙන හිටිය ලිසාට හැමදේම තේරෙන්න වෙලා ගියේ නෑ..
එයා හිතවත් කමට දවසක් ඒක ජිනීට දිලා තිබ්බත් ක්ලබ් එකකදී කපල් එකක් එයාගෙ ඇඟේ වැදුන වෙලේ ඒක ඒ කෙල්ල බෑග් එකේ දාගෙන යන්න ඇති කියලා ජීනී එයාට කියලා තිබ්බා..
" හ්හා... එතකොට ඒකයි ඔයා එදා බීගෙන අතත් තුවාල කරගෙන ආවෙ..." ලීසා ඇඳ ගාව තිබ්බ රෝස්ගෙ ෆොටෝ එක දිහා බලං කිව්වා..
බෑග් එක කාර් එකට දාගත්ත ලීසා කෙලින්ම ගියේ එදා ජිනී එක්ක ෂොපිං මෝල් එකට ගිහින් එද්දි රෝස්ව දැක්ක ක්ලබ් එකට..
එදා ඒ ක්ලබ් එක ඉස්සරහා රෝස් තව කොල්ලෙක්ව කිස් කරනවා ලීසා ඇස් දෙකෙන්ම දැක්කා..
ක්ලබ් එක ඇතුලට ගිය ලීසා බාර් කවුන්ටරේට වෙලා වයින් වීදුරුවක් බොන්න පටං ගත්තා..
" හ්හායි........ ඔයා... තනියමද....." මුලු ඇඟම විනිවිද යන ඇදුමකින් සැරසිලා හිටිය කෙල්ලෙක් ඇවිත් ලීසාගෙ ඇගේ ඇතිල්ලෙමින් කියන්න ගත්තා.. ඒත් ලීසා ඉක්මනට ඒ අත අහකට තල්ලු කලා.
ටිකක් වෙලා එතනට වෙලා මුලු ක්ලබ් එකටම ඇහැ යවමින් හිටිය ලීසාගෙ ඇහැ ගැටුනෙ උඩ තට්ටුවෙ ඇවිදගෙන යන කෙල්ලෙක්ට... ඒක දැක්ක ගමන් එයා ඉදං හිටිය තැනින් නැගිට්ටා..
" අපි එකිනෙකාට හරියන්නෑ නේද.... මට ඔයාට ඕන දේ දෙන්න බැරි උනා... මට ඔයා ගැන ඒ හැගිම ඇති උනේ නෑ... අපි දෙන්නා එකතු වෙලා ඇති.. ඒත් ඒ හැඟීම කවදාවත් මට දැනුනෙ නෑ...." උඩ තට්ටුවේ කොල්ලෙක්ගෙ පපුවට තුරුලු වෙලා කාමරේකට යන රෝස් දිහා පහල ඉදං බලං හිටිය ලීසා හිමින් මුමණන්න ගත්තා.
කෙල්ල බොතල් හතරක් ඉවර කලා...... පස් වෙනි එක අතට අරං කාර් එක හොයං ගිය ලීසා අන්තිමට කොමහරි වාහනේ ඩ්රයිව් කරං ජිනීගෙ ගෙදරට ආවා.....
.
.
.
.
.
.
.
.
.
.
.
.

YOU ARE READING
Fated to Love You [Jenlisa]GL (Complete)
FanfictionJenlisa [GL ] sinhala fan fiction. තහනම් ආදරයක පැටලුන ආදරණීය පෙම්වතියන්. - GL - 18+ or 21 + Making love parts are included - not a high school story. - Short Chapters - lisa - top, jinne - bottom If you uncomfortable with, please don't bothere...