05. Between us'

592 182 7
                                    


ජිමින් එකපාරටම තමන් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ කලබලෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් එකපාරටම තමන් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ කලබලෙන්. කොල්ලට තේරුනේ නැහැ මේ කියන කිසිම දෙයක්. අඩුම තරමේ කොල්ලා තුන්වන වසරේ විශ්වවිද්‍යාල උත්සවයේ බැලේ නර්තනයට දෙන්නෙක් තෝරන බවවත් අවදානෙන් අහගෙන නෙමෙයි හිටියේ.


ජිමින් මුළු රූම් එකේ ඉන්න හැම ලමෙක්ම දිහා බලන ගමන් ඉස්සරහට ආවේ ළමයි හැමෝම එයාට ඉස්සරහට යන්න ඉඩ සලස්වලා දෙනකොට. කොල්ලා දැක්කේ බැලේ රූම් එකේ මැදට වෙන්න කොලයක් අල්ලගෙන තමන් දිහා කන්න වගේ බලාගෙන ඉන්න මිස් ග්‍රේස් වයි, මිස් ග්‍රේස්ගේ පිටිපස්සේ ඇගිලි තුඩු වලින් ඉස්සි ඉස්සි තමන් දිහා හිනා වෙලා බලාගෙන ඉන්න කෙල්ලවයි.


'ඇත්තටම ළමයෝ ඔය ළමයා මොන ලෝකෙද ඉන්නේ? හරි දැන් ඉක්මනට ඇවිල්ලා මෙතනින් ලගින් හිටගන්න'

මිස් ග්‍රේස් එහෙම කියනවත් එක්කම කොල්ලා තාමත් මොකුත් හිතාගන්න බැරුව ඔලුව කස කස ඇවිත් කෙල්ලගේ එහා පැත්තෙන් හිටගත්තා.


'චිම්.... චිම්.... ඒයි..'

ජිමින් එයාට පොඩි ළමයෙක් කතා කරනවා වගේ ඇහෙද්දී බිම බලන් හෙවුවේ කවුද තමන්ට එච්චර කියුට් විදිහට කතා කරන්නේ කියලා බලාගන්න.

'අයියෝ මාශ්මෙලොස්... මේ මම අනේ.. මොනාද බිම හොයන්නේ?'


කොල්ලා එකපාරටම කෙල්ල දිහා බැලුවේ දිලිසෙන ඇස් වලින්, කෙල්ලත් ඒ වෙලාවේ ජිමින්ගේ තද දුබුරු පාට ඇස් වල අතරමන් වුනේ දෙන්නගෙම හදවත් අමුතුම හැගීමකින් ගැහෙන්න පටන් ගන්නකොට.


'ළමයි දෙන්න අපේ සින්ඩරෙල්ලටයි එයාගේ ප්‍රින්ස් චාර්මින්ටයි හොද අත්පොළසන්නාදයක්'

ඒ එක්කම මුළු හෝල් එකම සතුටින් අත්පුඩි ගැහුවේ මේ පාර විශ්වවිද්‍යාල උත්සවයේදී හැමෝටම ලස්සනම ලස්සන බැලේ නර්තනයක් දැකගන්න පුලුවන් වන බව දැනගෙන.  


මිසෝ ලැජ්ජාවෙන් රෝස පාට වුනු කම්මුල් එක්ක ජිමින්ට තමන්ගේ අත දික් කලා.

'කන්ග්රැට්ස් චිම්..'

'යූ ටූ නූනා!'

ජිමින් පරිස්සමින් ඒ සිහින් අත අල්ලාගෙන හරිම ආදරණිය විදිහට සුබ පැතුවේ මිසොගේ තව තවත් රෝස පාට වෙන ඒ කම්මුල් දිහා බලාගෙන.





'ජිමින්, මිසෝ දැන් ඔයාලා හොදටම දන්නවනේ ඔයාලට තියෙන රාජකාරිය. ඒවගේම මන් හිතනවා ඒක කොච්චර ආමාරු නර්තනයක්ද කියලත් ඔයාලා දන්නවා ඇති කියලා. මේකේ අමාරුම කොටස තියෙන්නේ මිසෝ ඔයාට. ජිමින් ඔයාට තමයි එයාව හසුරුවන්න වෙන්නේ. මේකේ මිසෝට තියෙන අවදානම හොදටම වැඩියි ළමයි. විශේෂයෙන්ම අන්තිම කොටසේ මිසොට වෙනවා මේ වළල්ලෙන් පනින්න. ජිමින් ඔයාගේ ආධාරයෙන් තමයි මිසෝට වළල්ල තුලට යන්න වෙන්නේ.. මෙන්න මේ වීඩියෝ එක ටිකක් බලන්නකෝ. 

ළමයි සමහර අයට වුනා මාස ගණන් හොස්පිට්ල් එකට වෙලා ඉන්න, තවත් සමහර අයට වුනා ජීවිත කාලෙම ඇදට වෙලා ඉන්න!'


මිස් ග්‍රේස් අන්තිම ටික කිව්වේ කටහඩ බාලකරලා. මිසෝ අඩියෙන් අඩිය පස්සට ගියේ ඇස් වලින් කදුළු පිරෙන්න පටන් ගන්නකොට. 

ඒත් එක්කම කෙල්ල හැප්පුනේ ජිමින්ගේ පපුවේ. ජිමින් එකපාරටම කෙල්ලව වැටෙන්න නොදී අල්ලගත්තේ කෙල්ල මේ වෙලාවේ හොදටම බය වෙලා ඉන්නේ කියලා දැනගෙන. ඒ වුනත් කොල්ලා නොදැනගෙන හිටියේ කෙල්ලට වඩා තමන් මිසෝ ගැන බය වෙලා ඉන්න බව. 


ඒ සමගම මිස් ග්‍රේස්ට කොල්ලවයි කෙල්ලවයි තනිකරලා තමන්ගේ ඔෆිස් රූම් එකෙන් එලියට යන්න වුනේ වැදගත් ඇමතුමකට පිළිතුරු දෙන්න වුනු නිසා.


'නූනා ඔයා හොදින්ද?'

'චිම්....' 


#Tobecontinued

NOONA  | PJM ✔Where stories live. Discover now