'ආහ්.. ඉන්න නූනා මන් බලන්න'
ජන්ග්කුක් මිසෝට එහෙම කියන ගමන්ම කෝල් කලේ දැනටමත් ස්පයිඩර් මෑන් එක්ක එකතු වෙලා මිනිස්සු සියදහස් ගානක් ඉන්න ට්‍රේන් එකක් බේරගන්න යන සෝහට.
'එයා ෆෝන් එක ගන්නේ නෑ කුක්..'
කෙල්ල හොදටම බයවෙලා හිටියේ ජිමින් ගැන. ඒත් ඇයි? ඇයි මිසෝ තමන්ට වඩා වයසින් බාල තමන්ගේ නර්තන සහයකයා වෙනුවෙන් මෙච්චර බය වෙන්නේ?
ජන්ග්කුක් පුදුම උනා තමන්ගේ නූනා ඇයි ජිමින් වෙනුවෙන් මෙච්චර බය වෙලා ඉන්නේ කියලා. ඉතින් කොල්ලා මිසෝ දිහාවට අවදානයෙන් නෙත් යොමු කරන ගමන් ආයිත් සෝහට කෝල් කරන්න උත්සහ කළා.
'අනී.. මන් මේ කෝල් කරන්නේ මගේ බබාට..'
'මෝ.. මොකා කිව්වා..'
ජන්ග්කුක් තමන්ගේ තොල් දෙකත් හපාගෙන මිසෝ දිහා බැලුවේ කොල්ලගේ කම්මුල් දෙක එන්න එන්න රත් වීගෙන එනකොට.
'ගර්ල් ෆ්‍රෙන්ඩ් ඕයි.. ඒක තේරෙන්නේ නැද්ද?'
'තමුසෙට? කෙල්ලෙක්? මේ මගේ ඉස්සර හිටපු ගොන් මල්ලියමද ? චින්චා.. එයා මොනවගේද? මට කිව්වෙවත් නෑ.. ආව් මට මගේ චූටි නන්ගියව දකිනකම් ඉවසිල්ලක් නෑ.. එයා ලස්සනද? තව..'
මිසෝ, ජන්ග්කුක් ඇඹරෙන ගමන් කියපුදේට කොල්ලගේ මුළු මූනම අත් දෙකෙන් අල්ලගෙන නවත්තන්නේ නැතුව සෝහා ගැන අහගෙන ගියේ ඉවසිල්ලක් නැතුව.
තමන්ගේ චූටි සහෝදරයා ගොඩක් ලොකු වෙලා දැන්. කෙල්ලට දැනුනේ එහෙම. මිසෝට කියාගන්න බැරි සතුටක් හදවතට දැනුනේ ඉබේටමයි.
YOU ARE READING
NOONA | PJM ✔
Fanfictionහැමෝම අහලා තියෙන්නේ සින්ඩරෙල්ලාගේ කතාව. ඒත් කවුරුත් දැනගෙන හිටියේ නැහැ එයාට ආදරය කරපු ප්රින්ස් චාර්මින්ගේ කතාව.. A Sinhala PJM Fanfiction B × G Story Started - 2022.03.06 Ended - 2022.05.03 By @Quintlac