18. Sshhh!

454 145 13
                                    


හරිම කඩිසරෙන් කෑම ටික හදලා ඉවර වුනු යුන්ගි ඊළගට ඒ ටික ටේබල් එකට ගෙනල්ලා තිබ්බේ සැරින් සැරේට හෝසොක් දිහාත් හොරෙන් බලන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරිම කඩිසරෙන් කෑම ටික හදලා ඉවර වුනු යුන්ගි ඊළගට ඒ ටික ටේබල් එකට ගෙනල්ලා තිබ්බේ සැරින් සැරේට හෝසොක් දිහාත් හොරෙන් බලන ගමන්.


කොල්ලා නැගිටලා ඇවිල්ලා යුන්ගිට කෑම ටික තියන්න උදව් කරන්න හැදුවත් ඒත් යුන්ගි නෙමෙයි ඒ දේට එකපයින් කැමති වුනේ.

'තව ටිකයිනෙ තියෙන්නේ.. ඒ ටික මන් තියන්නම් හොබී..'

'අයියෝ.. මොකක්ද බන්.. මට ඔය බෝල් එකවත් ගෙනියන්න දෙනවකෝ!"


හෝසොක් දිගටම යුන්ගිගේ පිටිපස්සෙන් ඇවිටිලි කර කර ඇවිදගෙන එද්දී කොල්ලගේ මේ කන්කරච්චලේ තවත් ඉවසන් ඉන්න බැරි වුනු නිසා අතේ තිබුණු ප්ලේට් එක මේසෙ උඩට අතැරලා යුන්ගි, හෝසොක්ව ලග තිබුණු බිත්තියට තමන්ගේ අත් වලින් කොටු කරගත්තේ හෝසොක් ගිහිල්ලා පිටිපස්සේ තිබුණු බිත්තියේ වැදෙනකොට.

'එක පාරක් කිව්වනේ.. තමුසෙගෙ කට හොදටම වැඩියි!'

'යු..න්ගි..'

තමනුයි යුන්ගි අතර හරිම පොඩි පරතරයක් තියෙද්දි හෝසොක් වචන ගොත ගගහා කොල්ලට කතා කලේ කොල්ලා එක එල්ලේ හෝසොක්ගේ මුළු මූන පුරාම ඇස් ගෙනියනකොට. 


ඒත් එක්කම කොල්ලගේ ඇස් නැවතුනේ ගොත ගහන ගමන් වචන ගැටගහන්න හදන ඒ රෝස පාට සිහින් තොල් ලග.

'ශ්ශ්ෂ්..'

යුන්ගි ඊළගට තමන්ගේ මහපට ඇගිල්ල හෝසොක්ගේ පුංචි දෙතොල් ලග රැදෙව්වේ හෝසොක්ගේ හදවත එතනම නතර කරන ගමන්.


ඒත් එක්කම තරප්පු පෙළ දිහාවෙන් එකපාරටම ඇහුනු සද්දේ නිසා කොල්ලෝ දෙන්නම ඒ වෙතට තමන්ගේ අවදානය යොමු කලේ හරිම කලබලයෙන්.

NOONA  | PJM ✔Where stories live. Discover now