ජන්ග්කුක් එක දිගට ඇස් පිල්ලම් ගොඩක් ගහගෙන ගියේ වෙන දේ තාමත් හිතාගන්න බැරුව. කොල්ලා ඊළගට උවමනාවෙන් බැලුවේ තමන්ගේ තොල් මත තොල් රදවාගෙන ඉන්න කෙල්ල දිහා.
සෝහා හිටියේ ඇස් දෙක තදින්ම වහගෙන. කෙල්ලගේ දිග ඇස් පිහාටු, හිනා වෙනකොටයි බනින කොටයි මතුවෙන වල ගැහෙන බෝල කම්මුල්, උරහිස මට්ටමට වෙන්න වවලා තිබුණු කියුට් කොන්ඩේ දිහා කොල්ලට කල්පයක් උනත් බලාගෙන ඉන්න හිතුනා.
ඒත් කොල්ලට විනාඩි දෙකක් විතර යනකොට තමයි මීටර් උනේ කෙල්ල තොල් එහා මෙහා නොකරනවා කියලා. ඒ සෝහා කිස් කරන විදිහ ගැන මෙලෝ සසරක් නොදන්න නිසා. ජන්ග්කුක්ගේ හිත කෙල්ලගේ මේ පිස්සු වැඩවලට ඩ්රම් ගැහුවත් කොල්ලා කෙල්ලගේ ඉනෙන් අත් දෙක පටලවගෙන කෙල්ලගේ අත් දෙක තමන්ගේ බෙල්ලේ පැටලුවේ මේ දිහා කන්න වගේ බලාගෙන හිටපු ළමයින් පුස්තකාලයේ නිශ්ශබ්ද බවට තව තවත් බාදා ඇති කරද්දියි.
ඒවගේම මේ දිහා බලාගෙන හිටපු ටේගේ පොතත් බිම වැටුනේ ඉබේටමයි. ඒ එක්කම ටේ ජන්ග්කුක්ට අත්පුඩි ගගහා විසිල් ගැහුවේ කොල්ලව තව දිරිමත් කරන්න වගෙයි.
'කමෝන් කුක්කෝ..'
ඒත් එක්කම පුස්තකාලේ නිශ්ශබ්ද බව එකපාරටම නැති වුනු නිසා සෝහා තමන්ගේ ඇස් ඇරලා පුස්තකාලේ වටේම ඇස් ගෙනිච්චේ වලක් කපන් මෙතනම වැලලෙන්න තිබුනනම් කියලා හිතන ගමන්.
ඊළගට කෙල්ල දැක්කේ ඇස් දෙකත් පියාගෙන තමන්ගේ හාදුවට ප්රතිචාර දක්වන එයාගේ ප්රථම හාදුවේ හිමිකාරයව. කෙල්ලගේ හිතට පුංචි සතුටක් දැනුනේ ඒ එක්කමයි. නමුත් ළමයි සියගානක් විතර මේ දිහා බලාගෙන හිටපු නිසා එන්න එන්න රතු පාටට හැරුණු සෝහා ජන්ග්කුක්ගේ පපුවට එකක් ගැහුවේ ඈත් වෙන්න හිතාගෙන. ජන්ග්කුක් කෙල්ලව තව තවත් තුරුල් කරගත්තේ හාදුව දිගටම ගෙනියන්න.
'ජ්න්ම්ම්කුම්ම්ක්.. ඇතිම්ම්මේ..'
සෝහා හාදුව අතරේම ජන්ග්කුක්ට කතා කලත් කොල්ලා නෙමෙයි ඒ කිසිම දේකට ඇහුම්කන් දුන්නේ. කොල්ලා හිටියේ සෝහගේ පහසට දැනටමත් මත් වෙලා වගේ. කොල්ලා නවත්තන පාටක් නොපෙන්නපු නිසා කෙල්ලට අකමැත්තෙන් උනත් මේක කරන්නම උනා. හැබැයි සෝහා ඒ පාර ටිකක් හෙමින් දෙන්නත් වගබලාගත්තා. නැවතත් දණහිස් පාරක්.
'ආහ්.. සෝහා.. ඔයානම්..'
කොල්ලා ආයිත් පාරක් දෙකට නැමුණේ ඒ ප්රහාරයේ ප්රතිපලයක් විදිහට. පුංචි ඉණිමගෙන් ඉක්මනට බැහැපු කෙල්ල ඒක තියලා කොල්ලා ලගට ගිල්ලා තාමත් දෙකට නැවිලා ඉන්න තමන්ගේ කුලුදුල් ආදරවන්තයගේ කම්මුලෙන් පුංචි හාදුවක් තිබ්බේ ගොඩක් ආදරෙන්.
'දැක්කනේ මම බය නැහැ..'
ඒත් එක්කම කෙල්ල මීටර් සීය දුවනවා වගේ පුස්තකාලෙන් එලියට දිව්වේ ජන්ග්කුකුත් කෙල්ල පස්සෙන්ම දුවගෙන එනකොට. කෙල්ලට ලැජ්ජයි ජන්ග්කුක්ට මුහුණ දෙන්න.
'සෝහා දුවන්න එපා.. මට දුවන්න අමාරුයි..'
මේ දිහා කන්න වගේ බලාගෙන හිටපු ළමයි හැමෝම ඊළගට ටේ දිහා බැලුවේ ඊළගට වෙන්න තියෙන්නේ මොකක්ද වගේ.
'යාහ්.. මො.. මොකද මන් දිහා ඔහොම බලාගෙන ඉන්නේ?'
ඊළගට කොල්ලත් අර දෙන්නගේ පස්සෙන් දුවගෙන ගියේ තාමත් මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුව හිටපු පලවෙනි වසරේ සිසුවෝ ඔක්කොම එකිනෙකාගේ මුහුණු දිහා ටිකක් වෙලා බල බල ඉදලා සුපුරුදු පරිදි ආයිමත් පොත් වලට එබෙනකොට.
ජිමින් තමන්ගේ කාර් එක පාරක් එකේ නවත්තලා ඉක්මනට දුවගෙන ගියේ කොලේජ් එක ඇතුලට. කොල්ලා ඒ වෙද්දිත් හොදටම පරක්කුයි. අද එයාලගේ වසරේ හැම සිසුවෙක්ගෙම පලවෙනි පීරියඩ් එකට යෙදිලා තිබුනේ සෞන්දර්ය විෂයන්. කොල්ලත් පණ කඩාගෙන බැලේ රූම් එක පැත්තට දිව්වේ දැනටමත් පුහුණුවීම් පටන් ඇතියි කියලා හිතාගෙන.
නූනා පරක්කු වුනාට සමාවෙන්න..
#Tobecontinued
YOU ARE READING
NOONA | PJM ✔
Fanfictionහැමෝම අහලා තියෙන්නේ සින්ඩරෙල්ලාගේ කතාව. ඒත් කවුරුත් දැනගෙන හිටියේ නැහැ එයාට ආදරය කරපු ප්රින්ස් චාර්මින්ගේ කතාව.. A Sinhala PJM Fanfiction B × G Story Started - 2022.03.06 Ended - 2022.05.03 By @Quintlac