'නූනා හොදටම විශ්වාසද පුලුවන් කියලා..'
'අනේ ළමයි.. ඕක සුළු වැඩක්නේ අනේ. ඔයාලා දැන් විවේක ගන්න ළමයි. මේ දවස් ටිකේම ඔයාලා එක දිගට මහන්සි වුනානේ..'
කෙල්ල සෝහා, ජන්ග්කුක්, හෝසොක්, යුන්ගි දිහා බලාගෙන සිනාමුසුව කිව්වේ ජිමින්ව අද රෑට බලාගන්න තමන්ට පුලුවන් කියලා සහතික වෙනගමන්.
මොකද කෙල්ල දැක්කා එයාලා එකදිගට මහන්සි වුනු විදිහ අනිත් එක ජන්ග්කුක්ගෙයි සෝහගෙයි වාර විභාග හෙට ඉදන් යෙදිලා තිබුනා. ඉතින් කෙල්ල හිතාගත්තා තමනුත් මේ වෙනුවෙන් මොකක්ම හරි උදව්වක් කරන්න ඕනේ කියලා ඉතින් මිසෝ ඒකට එකග වුනා.
කෙල්ල තමන්ගේ බෑග් එකත් බරට බරේ එල්ලගෙන ජිමින්ගේ එහා පැත්තේ තිබුණු අමතර බෙඩ් එක උඩින් ඉදගත්තේ තමන්ගේ කොන්ඩේ එකතු කරලා ගැට ගහන්න ගමන්.
ඒ වෙනකොටත් කොල්ලා සුව නින්දක පසුවුනේ. කෙල්ල තමන්ගේ බෙඩ් එක උඩ භාවනා කරනවා වගේ ඉදගෙන කොල්ලගේ හැම ඉරියව්වක් දිහාම බලාගෙන හිටියේ හරිම ආසාවෙන්.
'නිදාගෙන ඉද්දි නම් පුංචි කප් කේක් එකක් වගේ..'
කෙල්ල බෙඩ් එක උඩින් නැගිටලා ඇවිල්ලා කොල්ලගේ බෙඩ් එක උඩින් ඉදගන්න ගමන් කොල්ලගේ කම්මුලකට ඇගිල්ලකින් ඇන්නේ කම්මුල් වල ගැහෙන්න හිනාවෙන ගමන්.
දීර්ඝ නින්දකට පස්සේ කොල්ලා ආයිත් නැගිට්ටේ කොන්ඩෙත් අවුල් කරගෙන. ජිමින් අත්දෙක දිග අරින ගමන් ලොකු ඈනුමකුත් අරිද්දී නිකමෙට වගේ තමන්ගේ යාබද බෙඩ් එක දිහා බැලුවේ ඒ පැත්තෙන් හෙවනැල්ලක් වගේ දැක්ක නිසා.
YOU ARE READING
NOONA | PJM ✔
Fanficහැමෝම අහලා තියෙන්නේ සින්ඩරෙල්ලාගේ කතාව. ඒත් කවුරුත් දැනගෙන හිටියේ නැහැ එයාට ආදරය කරපු ප්රින්ස් චාර්මින්ගේ කතාව.. A Sinhala PJM Fanfiction B × G Story Started - 2022.03.06 Ended - 2022.05.03 By @Quintlac