වෙනදා සයිවර් කඩේ සුවද කරන කැම වෙනුවට මට ඕන උනේ සිගරට් දුම එක්ක මුහු වුන ඒ අමුතු පොල් කේක් සුවද.. පොල් කේක් ? ම්ම් අළුපාට ඇස්වල අයිතිකාරයා ගාව එදා තිබ්බේත් අමුතු සුවදක්.. හරියට උණුම උණු පොල් කේක් එකක් වගේ..
'' හේයි බේබි බෝයි.. ''
ඒ ගොරහැඩි කටහඩයි රංගඅය්යාගේ කොත්තුව වදින සද්දෙයි මගේ කන හරහා ගියේ වෙන වෙනම ද එකටද කියලා මට විශ්වාසයෙන් කියන්න බැහැ.. වෙනදා මං වාඩිවෙන තැන පුරප්පාඩුව එයා දැනටම පුරවලා.. හිත මාව අඩි දහයක් ආපස්සට අදිද්දි මහ සද්දෙට ගැහෙන හදවත අඩි සියක් ඉස්සරහට තියලා ඉවරයි...
අද වෙනස්.. එයා තවදුරටත් ගුප්ත මනුස්සයෙක් විදියට මට පෙනුනේ නැහැ.. එදා ඇදගෙන ඉදපු කළුපාට ජැකට් එකම අදත් ඒ විදියට තිබ්බාත් , එදා මූණ පුරා වැවිලා තිබ්බ රැවුල අද පිළිවෙලක් වෙලා තිබ්බා... මං හෙම්මිච්චා වගේ ඉතිරි වෙලා තිබ්බ අණ්ඩ කැඩිච්ච ප්ලාස්ටික් පුටුවේ යන්තං වාඩි උනා.. පොඩ්ඩක් හෙලවුනත් ඒක වැනෙනවා.. අළු ඇස්වල අයිතිකාරයා ලොකුම ලොකු සිගරට් දුම් වළල්ලක් මගේ මූණට පරිත්‍යාග කළේ කිසිම ලෝබකමක් නැතුව...
පෙනහළු දිගේ සැර දුම පිරෙද්දි මං දෙතුන් පාරක් කැස්සා.. මොන සැපකට මේ කැහිකූරු උරනවාද මන්දා... දවස පුරාවට වැඩ කරලා මගේ මූණට දාපු පවුඩර් ටිකත් දාඩියට ඇලිලා ඇති.. සේරටම වඩා බොයිලේරුවයි කබලෙයි රස්නෙට ඇගපුරාම දාඩිය දානවා.. බෙල්ල දිගෙත් දාපු දාඩිය මං , සාක්කුවේ තිබ්බ ලේන්සුවෙන් හිමිට පිහිදැම්මා... බෙල්ලේ හැමතැනම කුණු ටික ලේන්සුවේ..
'' ආහ්.. අද ලස්සනයි ආ.. '' මං තිගැස්සිලා ගියේ ආගන්තුක හඩට... ආයේමත් වතාවක් එයා කිසිම ලෝබකමක් නැතුව සිගරට් දුම මගේ මූණටම පිට කළේ මාව නිරුත්තර කරලා.. මොකද හිත්නනේ ? වැඩියම හය්යෙන් තැලෙන්නේ රත් වෙච්ච කබලේ රංග අය්යා දාන කොත්තුව ද නැත්තන් ඒ අළුපාට ඇස් දෙකට අහුවෙලා පොඩිවෙන මම ද ?
'' මොකද අද ලැජ්ජාවෙන් ? සතියක් සල්ලි එකතු කළේ මාව හම්බුවෙන්න නෙවේද ? '' ඒ මූණේ තිබ්බේ ලොකුම ලොකු නක්කලයක්.. ඔව් සතියක් උණුවතුර බීලා බඩ පුරවගත්තේ මේකට තමයි..
'' මං - ''
'' ඉට්ස් ඕකේ බේබි බෝයි.ග්‍රෑන්ඩ් හොටෙල් එකක්ම වෙන්න ඕන නෑ .. ඔයා වගේ බෙගර් බෝයි කෙනෙක් අරන් දෙන චීප් ඩිනර් එකත් මට ඕකේ.. . ''
'' ඒත් මං හිගන්නෙක් නෙවේ-- '' ශ්‍රමය ගැන මහගමසේකර ලියපු කවියක් කොහෙන්ද මන්දා මගේ ඔළුවට ආවා..
'' අය්යො ඔයාට දුක හිතුනාද ? බෙගර් බෝයි ලස්සනයි බේබි බෝයිට වඩා.. අපි අදුරගමු නේද ? මං නුයේෂ් ආවින්‍ය.. බේබි බෝයි නයිට් එකකට කියක් ගන්නවා ද ? ''
'' මං එහෙම දේකට නෙවේ... මං - මං.... '' මං ලැස්ති උනේ දීර්ඝ පැහැදිලි කිරීමකට... එයා කියපු දේ ඇහුණ සයිවර් කඩේ ඉදපු දෙතුන් දෙනෙක්ම මං දිහා බලනවා මං බලාගෙන... කැහැටු පූසිත් ඤාව් ගගා ඇගේ එල්ලෙන්නේ මේ වෙලාවටමයි.. මෙතනින් දැන්ම නැගිටලා යනවාද තවත් මේ බොයිලේරුවේ දුම් වැදි වැදි ඉන්නවාද කියලා උබම තීරණය කරපන් සිනෙවිදු... මගේ හිත තරවටු කළා...
'' හා හා.. ලැජ්ජ වෙන්න එපා ඕන ගානක් ගෙවනවා.. '' මේසේ උඩ බයටම ලේන්සුව ගුලි කරගෙන ඉදපු මගේ වම් අත එයාගේ ගොරෝසු අත්වලට අහුවුනා..
'' අත අරින්න මහත්තයා..' මං කිව්වේ හතරවටේ උදව්වට මොනවා හරි තියේද බලන්න.. නැහැ , සයිවර් කඩේ කැම එච්චරම මායාවක් වගේ හැමොගේම අවධානේ කැමවල..
'' උබට ඒවා හිතන්න තිබ්බා මාව පිස්සු වට්ටන්න කලින්.. දැන් මං කියන තැනකට එනවා .. හොදින් කියන්නේ.. '' අළුපාට ඇස්වල අයිතිකාරයා මට අනතුරු ඇගෙව්වා...
මං කේන්තියෙන් අත ඇදලා ගන්න හැදුවත් සෙන්ටිමීටර් දෙකේ විෂ්කම්භය තියන සීතල යකඩ බටයක කටක් මගේ වම් කකුලට තද උනේ එක නිමේෂයෙන්.. පිස්තෝලේ තිබ්බ සීතල මගේ කලිසම හරහා කලවා දක්වාම කිදා බැස්සා...
'' ෂ්ස්.. කෑගැහුවොත් මෙතනම මැරෙන්න කොකා ගස්සනවා.... '' අළුපාට ඇස් දෙක ඇතුළේ ලොකු කුණාටුවක්... ඇස් දෙක දිහා බලාගෙන ඉදලා අතේ තිබ්බ පිස්තෝලයක් දකින්න සිහියක් තිබ්බේ නෑ උබට.. මගේ හිත මරණ බයෙන් කැගැහුවා..
රංග අය්යාගේ කොත්තුව වැදෙනවා.. බොයිලේරුවේ වාෂ්ප බිංදු එකින් එක එ්ක දිගේ පහළට බේරෙනවා පේනවා.. යකඩ බටේ තව තවත් මගේ කකුලට තද උනා..
'
'
'
'
'~ මතු සම්බන්ධයි ~
* අතිශයින්ම පොළවේ පයගහලා ලියන කතාවක් නිසා සැර වචන තියෙන්න පුළුවන්. ඒවාත් $# ටැග් එකින් දාන්නේ. ( මොකද මං සිංහල කුණුහර්ප එකයි දෙකයි දන්නේ. දන්න ඒවාල තේරුම් දන්නෙත් නෑ 🙂 ඒකත් භාෂාවක්නේ ඉගෙන ගන්න ආසයි.. )
* ඇත්තටම මේ කතාව මොකක් ගැනද ? ගොඩක් අයගේ ප්‍රශ්නයක්.. ඒක ඉතින් කියවලා ඔයාලාම තීරණය කරන්න. මේ දවස්වල එන අදහස් හරි අමුතුයි.
أنت تقرأ
-සයිවර් කඩේ- [ Short Chapters]
عشوائيඒ පිපිරුවේ , බොයිලේරුව ද ? නැත්තන් මගේ කන් අඩිද ? එහෙමත් නැත්තන් ඒ අළු ඇස් දෙකේ හිර වෙලා තිබ්බ මගේ හදවත ද ? - සයිවර් කඩේ -