නම්ජූනා උබ එන්නෙ නැද්ද
බැහැ බං කම්මැලී , අනික ඔය කෑ ගහන සද්ද මහ වදයක් .
යකෝ සද්දේ වගේද කෙල්ලො , අද මැච් එකට වෙස්ට් ඊස්ටන් එකේ කෙල්ලො ඇවිත් තියෙන්නේ . එහෙ කෙල්ලො පට්ට ලස්සනයි යකෝ උන්ගේ ටීම් එකේ කෙල්ලො ගැන ආයෙ කියන්න ඕනෙ නෑනේ .
කෙල්ලන්ගේ බාස්කට් බෝල් මැච් බෝරින්ග් බං
ඊට වඩා මේ පොත ඉන්ටරෙස්ටින්ග් .මූනම් පිස්සෙක් , අපි යමු හෝසොකා .
ජින් උබ එන්නෙත් නැද්ද ,
කම්මැලි මං පොඩි නින්දක් දානව .
ජින් වාහනේ පිටිපස්සෙ ශීට් එකේ ඇලවෙනකොට නම්ජූන් ඉස්සරහ ශීට් එක පාත් කරගත්තෙ සැප පහසුවට පොත කියවන්න .
රෙඩ්වූඩ් කොලේජ් එකේත් වෙස්ට් ඉස්ස්ටන් කොලේජ් එකෙත් ලේඩිස් බාස්කට් බෝල් මැච් එක බලන්න ආපු සෙනගින් ප්‍රේක්ෂකාගාරයක පිරිලි තිබුනා . ඒකට ලොකුම හේතුව උනේ ටීම් දෙකේ ප්ලේයර්ස්ලා . මැච් එක බැලීම කෙසේවෙතත් ජිමින් වගේම ටේත් ග්‍රවුන්ඩ් එකට යන්න ප්‍රදානම හේතුව වෙස්ට් ඊස්ටන් ටීම් එකේ ගර්ල්ස්ලා .
හොබා උබ ඔය කෙල්ලට කොච්චර කෙල හැලුවත් වැඩක් නෑ බං .
ටේ උබට හිතෙන්නෙ නැද්ද අපි යන්නේ වැරදි කොලේජ් එකට කියල . මං හිතන්නේ මේ පැත්තේ ලස්සනම කෙල්ලො ඉන්නෙ වෙස්ට් ඊස්ටන් එකේ .
ටේ .., හොබා....,
උබලට ඒක දැනුනද
ජිමින් එක පාරටම තමන්ට දැනුන වෙනස් නුහුරු සුවද තවත් හොදින් පරීක්ශා කලා .මටත් අමුත්තක් දැනෙනව .
ඉක්මනට නම්ජූන්ටයි , ජින්ටයි මෙතනට එන්න කියන්න .
ඇයි හොබා මොකක්ද අවුල
වැම්පයර්ස්ලා
මොකක් ??
මෙතන වැම්පයර්ල ඉන්නව ඉක්මනට නම්ජූන්ටයි ජින්ටයි එන්න කියනව .
හොබා මොකක්ද අවුල ?
නම්ජුනා උබට දැනුනේ නැද්ද වෙනස .
හොබීගේ ඇස් ලොකු වෙනකොට තමන්ට දැනෙන නුපුරුදු සුවද නම්ජූන් හොදින් පරීක්ශා කලා .