නම්ජුනා උබ මේ වැඩේ තව කොච්චර කාලයක් කරන්නද ඉන්නෙ කියහන්
බලහන් දැන් සතියක් තිස්සේ අපි වෙස්ට් ඊස්ටන් එක වටේ කැරකි කැරකි ඉන්නව .වෙස්ට් ඊස්ටන් එකගාව වහනේ නවත්තගෙන ඉන්න හොබී නම්ජූන්ට කතා කලත් නම්ජූන් ඒ ගැන කිසි අවදානයක් දුන්නෙ නෑ .
උබේ කන් ඇහෙන්නේ නැද්ද
හොසොකා මං ඒ කෙල්ලට පිස්සු වැටිල බං ඉන්නේ මට ඒ කෙල්ල ඕනේ
උබ විතරක් නෙවෙයි අර ජිමිනත් ඒ කෙල්ලට පිස්සු වැටිල ඉන්නේ . ඒ කෙල්ල ලස්සනයි තමා ඒත් උබ දන්නව අපිට අපේ මේට්ගෙන් පිට කෙනෙක් ගැන හිතන්න බෑ . උබ ඉක්මනට උබේ මේට් හොයාගනින්
ඕක ගිහින් ජිමිනට කියහන් උට කියහන් උගේ මේට් හොයාගන්න කියල ලෙක්සී මගේ මේට් ඒක මට එයාගාවින් එදා දැනුනා .
ඒහෙම වෙන්නෙ කොහොමද බං ඒකි වැම්පයර් කෙනෙක් . හරි ඒ උබේ මේට්නම් ඒකිටත් උබව දැනෙන්න ඕනෙනෙ , බලහංකෝ ඒ කෙල්ලට ගානක්වත් තියෙනවද කියල . උබට කොච්චර කියන්නද ඒ කෙල්ල වෘල්ෆ් කෙනෙක් නෙවෙයි . දැන් අපි සතියක් තිස්සේ ඒ කෙල්ල පස්සේ ගියා ඒ කෙල්ලගෙයි අපෙයි එක සමාන කමක් දැක්කද උබ ? නැනේ බලහන් අර ඒ කෙල්ලට අඩු ගානේ අව්වේවත් යන්න බෑ .
කොලේජ් එකේ කාර් පාර්ක් එකේ නවත්තල තිබ්බ කාර් එකට යුන්ගි ජන්කුක් එක්ක දුවගෙන ඇවිත් නැග්ග ලෙක්සී දිහාවට හෝසෙක් අත දික් කලා .
හෝසෙක් මොන දේ කිව්වත් ඒ දේවල් වලට ඇහුම් කන් දෙන්න නම්ජූන්ට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ . නම්ජූන්ගෙ ඇස් තිබ්බෙ ලෙක්සී ගාව .
යුන්ගිට ජන්කුක්ට වගේම ලෙක්සීට තිබ්බෙ සුදුමැලි හමක් වගේම හැම වෙලේම වගේ තනි කලු ඇදුම් ඇන්ද ලෙක්සී එයාගෙ හම සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට ඇදුම් ඇන්දා . සන්ග්ලාස් දෙකක් වගේ කැප් එකක් අනිවාරෙන් දැම්මේ ලෙක්සි අවුවට සංවේදී නිසා .
ආශ් ..මුන් දෙන්නනම් පුදුම වදයක් ,
නම්ජූන්ට ලෙක්සී ගාවට ලංවෙන්න පොඩි හරි අවස්තාවක් තිබ්බෙ නැත්තේ යුන්ගියි ජන්කුක් නිසා . ඒ දෙන්න ලෙක්සිව එක තප්පරයක්වත් තනි කලේ නැති නිසා .