best brother

97 29 2
                                    

අප්පා ප්ලීස්...

කිව්වනේ ලෙක්ස් , ඔයාට කොහෙවත් යන්න බෑ ... දැන් හොද දරුවා වගේ ගිහින් වැඩක් කරගන්න . මට මේ පොත කියවන්න ඕනේ

ඔයාල ඔක්කොම එකයි . මේක ගෙයක් නෙවෙයි හිරගෙයක් . මං තමා එකම හිර කාරයා .

ඇයි මං සාමාන්‍ය කෙනෙක් විදිහට ඉපදුනේ නැත්තේ . ඇයි ???? මාත් ආසයි යාලුවෝ එක්ක ඇවිදින්න යන්න විනෝද වෙන්න . පොඩි කාලේ ඉදන්ම මං හිර වෙලා මේ ගෙදර .

ලෙක්ස් කට වැඩී කට වහන් කාමරේට යනව

තමුසෙ කට වහගෙන ඉන්නව ජන්කුක්

ලෙක්ස් මාව ඔතනට ගෙන්නගන්න එපා

ලෙක්ස් ඔයාගේ වචන පාවිච්චි කරන්නේ පරිස්සමෙන් . මං අප්ප එක්ක කතා කරන්නම් දැන් කාමරේට යන්න

මහ හයියෙක් කෑ ගගහ යන ලෙක්සිට බැන්නොත් වෙන්නෙ තවත් තරහ ගිහින් ගෙදර බඩුත් පොලේ ගහල ගේ අනිත් පැත්ත පෙරලන එක කියල දන්න යුන්ගි ලෙක්සිව කූල් ඩවුන් කරන විදිහ හොදටම දන්නවා.

ජන්කුක්,  ලෙක්සී හිතුවක්කාර , දරුණු ළමයි දෙන්නෙක් උනත් යුන්ගි කියන්නේ ගොඩක් නිශ්ශබ්ද කෙනෙක් වගේම ගුප්ත චරිතයක් . මිස්ටර් ජෝන්ස්ට මේ කෑගැහිලි රණ්ඩු හොදට හුරු නිසා මොකුත් ඇහෙන්නේ නැති බීහිරෙක් වගේ පත්තරේ කියවීමේ හැකියාවක් ලැබිලා තියෙනවා .

ප්ලීස් යුන්ගි ඔයා විතරයි මට ආදරේ . ප්ලීස්

අහ්හ්හ් හා හා යනව බොරු බටර් නැතුව මං බලන්නම් අප්පට කතා කරලා .

ලව් යූ .. උම්ම්ම්

අහ්හ් ආශ්... යනව යන්න කෙල ගාන්නේ නැතුව හිවල් පැටියා .

යුන්ගිගේ අත  යටින් පුංචි බලු පැටියෙක් වගේ රිංගල යන ලෙක්සී දිහ බලාගෙන හිටිය යුන්ගි මිස්ටර් ජෝන්ස් ගාවට ගියා .

අප්ප ...

ඔව් කියන්න යුන්ගි

ලෙක්සීට යන්න දෙන්න . එක දවසයිනේ , අනික කොහෙවත් යන්නේ නෑලු රේචල්ගේ ගෙදර ඉදල මූවි එක බලල හෙට උදේ එනවලු .

පුතා ඒත් ඔයා දන්නව එයා එලියට යන එක ගොඩක් අවදානම් .

අප්ප කාටවත් ලෙක්ස්ට මොකුත් කරන්න බෑ . ලෙක්ස් පොඩි කාලෙ ඉදන්ම මේ ගෙදර හිර වෙලා පවු එයාට යන්න දෙන්න .

Lost Girl Where stories live. Discover now