🗼 𝟏 🗼

529 63 70
                                    

"උබ හිතනවා ද ඕක හරි යයි කියලා..."

"හ්ම්...මගෙ අලුත් ප්ලෑන් එකේ විදියට නන් මේක හරි යන්න ඕන..."

"අනේ මන්ද..උබේ මොංගල් ප්ලෑනුත් උබ වගෙම තමා...මෙලෝ වැඩකට නැ....ඕන මගුලක්..."

ජන්කුක් ලොකු කැමැත්තකින් නොවුනත් ජිමින්ගෙ අලුත් මෝඩ ප්ලෑන් එකට 7891716718 නි වතාවටත් එකතු උනෙ මේ පාරවත් වැඩේ සාර්ථක කරගන්න හිතන්...

"හරි හරි...කියවිල්ල නවත්තලා කියපන් අරුගෙ විස්තර හෙව්වද.."

"හ්ම්...එයාගෙ නම්ජුන්ගෙ කසින් කෙනෙක්...එයා චයිනා වල ඉදලා ඇවිත් තියෙන්නේ...දිගටම අපේ යුනිවර්සිටි එකේ ඉදී...එයා අපිට වඩා අවුරුද්දක් වැඩිමල්..."

"හ්ම්..එහෙනන් හරි..."

"ඉන්නවකො මං මේක යවන්න..."

ජිමින් වටපිට පොඩ්ඩක් බලලා එතනින් යන්න ආව ෆස්ට් ඉයර් මල්ලි කෙනෙක්ව නවත්තගත්තා...

"මල්ලි මේක අන්න අර ටේබල් එකේ ඉන්න කලු ශර්ට් එක ඇදන් ඉන්න කෙනාට දෙන්න..අර නම්ජුන්ගෙ එහා පැත්තෙ ඉන්නෙ..."

"හරි හියුන්..."

"එයා ඕක ගද්දි ඇහුවොත් කවුද දුන්නෙ කියලා මාව පෙන්නන්න..."

"හා..."

කොල්ලා හිනාවෙලා ජිමින් දුන්න චිට් එකත් අරන් නම්ජුන්ලා හිටිය ටේබල් එක පැත්තට ගියේ කුකී කියවමින් හිටිය මැගසින් එක උඩින් ඇස් දාලා ඒ පැත්ත බලන් ඉද්දි...

"දුන්නා ද.."

"දුන්නා දුන්නා..අන්න උබව පෙන්නුවා..උබ ඒ පැත්ත නොබලා ඔහොමම හිටපන්.."

ජිමින් නම්ජුන්ලට පිටුපාලා වාඩිවෙලා ඉද්දි කුකී එතන වෙන ඔක්කොම දේවල් දිහා හොරෙන් බලමින් විස්තර කලා..

------------------------------------

"හියුන්...."

නම්ජුන් හෝසෙයොක් එක්ක ලෙක්චර්ස් ඔක්කොම ඉවරවෙලා කැෆටේරියා එකට ඇවිත් කයියක් දාන් හිටියේ...මිල්ක්ශේක් එකක් බිබී හිටිය කතාවට හා ෆෝන් එකට සමව අවදානය දෙමින් හිටිය හෝසෙයොක්ගෙ අවදානය ඒ හඩට බිදිගියා..

"ඇයි..?"

හෝසෙයොක් ටිකක් කන්ෆියුස් උනා..එයා තාම යුනිවර්සිටි එකට අලුත් නිසා එයාව කිසිම කෙනෙක් වැඩිය අදුරන්නෙ නැ...එහෙව් එකෙ මෙහෙම එක පාරටම කොල්ලෙක් කතා කරාම බය නොවෙයියැ...

✿𝙇𝙊𝙑𝙀 𝘾𝙄𝙏𝙔✿|•JIHOPE•Where stories live. Discover now