"ජී...මොකද මේ.."
යුනි යන්න ලෑස්ති වෙලත් පොත් මේසය මතින් ඔලුව ගහන් ඉකිගහන ජිමින්ව දැක්ක කුකී ටිකක් බලන් ඉදලා ලගට ආවේ බැරිම තැනයි...
"ජී බබා අඩන්න එපා..මටත් දුකයිනෙ..."
"මං මහ පව්කාරයෙක් කුකී...මට පණ වගෙ ආදරේ කරපු කෙනා මං නැති කරගත්තා..."
"අනේ ජී...එහෙම හිතන්න එපා...තාම එයාව ඔයාට නැති උනෙ නැනෙ..."
"නැත්තෙ කොහෙද කුකී...දැන් එයා මට ආදරේ නැ..."
"ඔයා කොහොමද එහෙම කියන්නේ...අපිට එයාගෙ හිත කියවන්න බෑනෙ...මං නන් හිතන්නෙ එයා තාම ඔයාට ආදරේයි.."
ජිමින් කලේ ඒකට පිලිතුරක් නොදි තවත් අඩපු එක...
"හරි දැන් දවසම අඩ අඩ ඉන්නද කල්පනාව...යුනි යන්නැද්ද?"
"අනේ මට බෑ වගෙ කුකී..."
"අපරාදේ...සතියකට පස්සෙ අද හෝසෙයොක් යුනි එනවාත් එක්ක...👀 මං තනියෙන් යනවා එහෙනං...ඔයා පරිස්සමෙන් ඉන්න..."
කුකී එහෙම කියලා ඇද උඩ තිබ්බ බෑග් එකත් අරන් එලියට ආවා...
"කුකි ඇත්තටම එයා එනවාද ? "
කුකීගෙ පස්සෙන් එලියට දුවගෙන ආව ජිමින් හරි අහිංසක විදියට ඇහුවා...
"හ්ම්...නම්ජුන් හියුන් උදේ මැසේජ් එකක් දාලා තිබ්බා...."
"දැන් ඉතින් රගපාන එක නවත්තලා ඉක්මනට ගිහින් බෑග් එකත් අරන් එනවා තාරාවෝ..."
කුකී ජීමින්ගෙ කොන්ඩෙත් අවුස්සලා හිමින් පඩිපෙළ බැස්සෙ ජීමින් ගිහින් බෑග් එකත් අරන් එනකන්...
----------------------------------------
මේ සතියම ප්‍රශ්නත් එක්ක හේරා වෙනුවෙන් පොඩිම කාලයක්වත් වෙන් කරන්න බැරි උන නිසා ජන්කුක් ලෙක්චර් එක ඉවර උන ගමන් ගාඩ්න් එක පැත්තට ආවේ හේරාව බලන්න හිතන්...හේරාත් බෙන්ච් එකේ වාඩිවෙලා බලන් හිටියේ කුකී එනකන්...
"පොඩ්ඩක් පරක්කු උනා බබා.."
ජන්කුක් දුවගෙන ඇවිත් හේරාගෙ උකුලෙන් ඔලුව තියලා බෙන්ච් එකේ හාන්සි උනා...හේරා හිනාවෙවි ටිකක් වෙලා ජන්කුක්ගෙ ඔලුව අතගෑවා...
YOU ARE READING
✿𝙇𝙊𝙑𝙀 𝘾𝙄𝙏𝙔✿|•JIHOPE•
FanfictionLife is all about being with you....💝 HOSEOK × JIMIN JUNGKOOK × HERA NAMJOON × ITSUKI