"ඔම්මා..."
මෙමරි බුක් එක දිග ඇරන් වසර ගානක් ඈතට ගිහින් හිටිය ජිමින් මතක අස්සෙන් එලියට ආවේ කන කීන් ගාන තරම් සද්දෙන් ඇහුන කැගැහිල්ලට...
"සී බබා...මොකෝ මේ..."
"බදගිනි.."
ජිමින් සොෆා එක උඩ හිටිය යොන්සීව අරන් උකුලෙන් වාඩිකරන් සිනිදු කෙස් අතරින් ඇගිලි තුඩු යවමින් හිස පිරිමද්දි බිමට වෙල බිල්ඩින් බ්ලොක්ස් වලින් සෙල්ලම් කරමින් හිටිය පුංචි යොන්සූත් ඇවිත් උකුලෙ අනිත් පැත්තෙන් වාඩිවෙද්දි....
"දැන් නේ රෑට කෑම කෑවේ..."
"අයික්කිම් තිබ්බා නන් බදගින්න යයි...😌"
"අහ් මට හිතුනා දෙන්න හොරගල් අහුලද්දි ඕකට තමා කියලා..."
"ඔම්මා..කන්නත අයික්කිම්..?"
"පිස්සුද බබා..මේ රෑ අයිස්ක්‍රීම් කන්නැ...හ්ම්.."
සී , සූ දෙන්නා ජිමින්ට ඔවරලා අහක බලාගද්දි ජිමින්ව අවුස්සන්න හිතන්...
"අහ්..ගැස්සුවට ඔම්මා නන් බය නැ හොදෙ.."
දෙන්නා ආයෙත් ජිමින්ට තුරුල් වෙලා නිදි කිරන්න ගත්තා...
"දොයිය ගන්නෙ නැතුව චුට්ටක් ඉමු හ්ම්..අප්පා බබාලාට චොක්කො ගේනවානෙ...."
ජිමින් දරුවෝ දෙන්නත් තුරුල් කරන් ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අතට ගත්තෙ බබාලගෙ අප්පාට කෝල් එකක් ගන්න...
"මං ආවා..කෝ මගෙ දග මලු දෙක.."
අප්පාගෙ කටහඩ ඇහුන ගමන් කොල්ලො දෙන්නා ජිමින්ගෙ උකුලෙන් පැනලා ඩෝ එක පැත්තට දිව්වා..ජිමිනුත් මෙමරි බුක් එක පැත්තකින් තියලා නැගිටලා ඉස්සරහට ආවා...
"මහන්සි ද සෙයොකි ?"
බබාලා දෙන්නා අප්පව ටිකක් වෙලා බදන් ඉදලා චොක්ලට් ටිකත් අරන් රූම් එක පැත්තට දුවද්දී ජිමින් හිනාවෙවි ඇවිත් හෝසෙයොක්ගෙ බෑග් එක ගත්තා..
"හ්ම්..ටිකක්.."
හෝසෙයොක් ජිමින්ගෙ කම්මුලක් සිපගෙන එයාගෙ උරහිස් මතින් දෑත් දාන් ටිකක් වෙලා ජිමින් දිහා බලන් හිටියා...
YOU ARE READING
✿𝙇𝙊𝙑𝙀 𝘾𝙄𝙏𝙔✿|•JIHOPE•
FanfictionLife is all about being with you....💝 HOSEOK × JIMIN JUNGKOOK × HERA NAMJOON × ITSUKI