ඒ කොහොම උනත් සත්ව ආරක්ෂක දේව සභාවනම්
ලොක්කයියා නිකරුණේ මාළු අල්ලලා මරලා විසිකරන එක ගැනත්, පොඩි ළමයින්ට ඒදේ පුරුදු කරපු එක ගැනත් ගොඩක් තරහෙන් තමයි හිටියෙ .... 😡ලොක්කයියට ඉක්මණින්ම දඩුවම් කරන්න කියලා සත්ව ආරක්ෂක දේව සභාවෙ අනිත් දෙවිවරු මත්සයින් භාරව ඉන්න දෙවියන්ට භාර කලා .... 😇
මත්සයින් භාරව ඉන්න දෙවියන් පෙර ආත්ම බැලීමේ හැකියාවක් තියෙන එයාගෙ කණ්ණාඩි කුට්ටම පාවිච්චි කරලා ලොක්කයියට මෙහෙම වෙන්න හේතුව හොයන්න පටන් ගත්තා .... 😎
එතකොට දෙවියො දැක්කා ගිය ආත්මයෙත් මෙයා මසුන් මරන්නෙක් කියලා .... 🐠
ඉතින් මෙයා ගිය ආත්මයෙත් මේ විදිහටම විනෝදයටත් එක්ක මසුන් මරලා තිබුනා .... 🐡️
මේක ආත්මයෙන් ආත්මයට අරගෙන එන පුරුද්දක් කියලා තේරුම් ගත්ත දෙවියො, මේ ආත්මෙ මේ පවින් ලොක්කයියව ගලවගන්න බැරි උනොත් ලොක්කයියගෙ ඊළඟ ආත්මෙත් මේ විදිහටම වෙනවා කියලා තේරුම් ගත්තා .... 👼
ඉක්මණින්ම මනුස්ස ලෝකෙට ගිහින් ලොක්කයියට දඩුවම් දීලා එයාව පවින් මුදව ගන්න දෙවියො තීරණය කරා .... 👼
YOU ARE READING
🐟....ලොක්කයියා....🐟
Umorismoඔන්න එකමත් එක කාලෙක එකමත් එක රටක හිටියාලු හරිද, ජීවත් වෙන්න වගේම විනෝදෙටත් මාළු අල්ලපු එක්කෙනෙක්..... 🤠 . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ...