ජිමින්ටත් මින්ජිගෙ පස්සෙන් යන්න ඕන උනත් ජිමින්ගෙ ෆෑන් සයින් එක නිසා එයාට එතනින් හෙල්ලෙන්න බෑ...
පැය 2ක් ගිහිල්ලත් මින්ජි එළියට ආවෙ නෑ.. ජිමින් හැම විනාඩියකට සැරයක්ම ඔෆිස් එකෙ එන්ට්‍රන්ස් එක බැලුවේ ආපහු මින්ජි එලියට එයිද කියලා ..දැන්නම් ජිමින්ටත් බයයි..ජිමින්ට බය හිතුනා මින්ජිට කරදරයක්ද නැත්තන් එයාගෙ විහිලුව ඕනාට වඩා දුර ගියාද...නැත්තන් මින්ජි අසනීපෙන්ද කියලා...
බැරිම තැන ජිමින් පුටුවෙන් නැගිට්ටේ මින්ජි ගැන බලන්න යන්න...
"ජිමින් කොහෙද යන්නේ..?"
එවෙන්ට් හෙඩ් නැගිට්ට ගමන් ඇහුවා..
"සර් රෙස්ට් රූම් ප්ලීස්."
ජිමින්ට යන්න දෙන එකක් නෑ කියලා හිතලා ජිමින් බැරිම තැන එහෙම කිව්වා...
"ජිමින් තව පොඩ්ඩක් ඉන්න..මේක ඉවර කරලම යන්න තව ටිකයිනේ.."
ඉවෙන්ට් මැනේජර් යන්න දුන්නෙම නෑ... ජිමින් ඔරලෝසුව දිහයි එන්ට්‍රන්ස් එක දිහයි බෙල්ල කරකව කව බල බල හිටියා...
යන්තන් 6.30යි..ඔක්කොම ෆෑන්ස්ලා ගියා..."ජිමින් අද වැඩේ හොදට කෙරුනා.. ඔයත් එනම් යන්න.."
එවෙන්ට් හෙඩ් ජිමින්ගෙ උරහිසට තට්ටුවක් දාලා කියලා බඩු ටික අස් කරන්න ගත්තා..
"මින්ජි ඇතුළට ගිහින් පැය 3කට වැඩී..."
ජිමින් ඔරලෝසුව බලන ගමන් දුවගෙන ඇතුළට ගියෙ මින්ජිව බලන්න..ජිමින් ඔෆිස් එක හැම තට්ටුවකම බැලුවත් මින්ජි පේන්න නෑ... ජිමින් දැන් හොදටම බය වෙලා...
"මේ සෙරම මගේ වැඩ....ශිට්...මින්ජියා.....අනේ කතා කරන්නකෝ.."
ජිමින් මින්ජි ගෙදර ගිහින්ද බලන්න මේකප් රූම් එකට ගියෙ එයාගෙ බෑග් එක එකෙ තියෙනවද බලන්න...
"බෑග් එක තියෙනවා..ඒ කියන්නෙ එයා මෙක ඇතුලෙමයි ඉන්නේ..."
ජිමින් හැමතැනම හෙව්වත් මින්ජිව හම්බුනේ නෑ.. ජිමින් ළග මින්ජිගෙ නම්බරේ නෑ..ජිමින්ට ට කරන්න දෙයක් නැති කමට ජින් අයියට කෝල් කරනවා .
YOU ARE READING
Merciless Love ||𝚅𝚖𝚒𝚗𝚔𝚘𝚘𝚔|| ✅
Fantasyආදරය හබා යන තරුණියට ඇය පතන ආදරය හමුවේවිද? ඇය එය භාරගනීද? ආදරය විරහව දුක සතුට එකතු වුන ජීවිත තුනක් 🌠 You are my destiny 🌠